Wednesday, July 13, 2011

දැන් නොකියා ෆෝන් එකෙනුත් බස් රේඩියෝ

ඔබේ දුරකතනයත් පහත සදහන් දුරකතන මාදිලි වලින් එකක් නම් ඔබටත් Buzz Radio වට ඔබේ දුරකතනය ඔස්සේ සවන් දිය හැකියි. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

Nokia Internet Radio සදහා සහය දක්වන දුරකතන මාදිලි

Nokia N95                            Nokia N93i                 Nokia N91
Nokia N85                            Nokia N82                  Nokia N81
Nokia N79                            Nokia N78                  Nokia N77
Nokia N76                            Nokia N75                  Nokia N73
Nokia E75                             Nokia E71                  Nokia E66
Nokia E65                             Nokia E63                  Nokia E61i
Nokia E51                             Nokia 6720 classic
Nokia 6710 Navigator                  Nokia 6210 Navigator
Nokia 6120 classic                       Nokia 6110 Navigator
Nokia 5320 XpressMusic







Step 1

ඔබේ දුරකතනයේ Music මෙනුවට යන්න.

Step 2

Music මෙනුව තුල Radio නමින් Application එකක් ඇති. ඒක open කරගන්න.

Step 3

එවිට FM Radio සහ Internet Radio යනුවෙන් options 2 දකින්නට ලැබේවි. එයින් Internet Radio තෝරා OK කරන්න.















Step 4

දැන් ඔබට මේ ආකාරයේ තිරයක් ලැබේවි.

Step 5

දැන් ඇත්තේ දහසකුත් online radio channels අතරින් Buzz Radio ව සොයා ගැනීමයි. ඒ සඳහා Station directory තුලට යන්න. එවිට පහත ආකාරයේ මෙනුවක් දර්ශනය වේ.

Step 6

එහි ඇති Browse by country/region යන්න select කර එන මෙනුවෙන් Sri Lanka ලෙස සර්ච් කරන්න. මෙහිදී Sri යන්න ටයිප් කරන විට Sri lanka යන්න දිස්වේවි. පසුව Sri Lanka යන්න select කරන්න.












Step 7

දැන් ඔබට ශ්‍රී ලංකාවෙන් විකාශනය වන සියලුම නාලිකා දක්නට ලැබේවි. ඒ අතරින් 5 වන අයිතමය වන Buzz Radio ලෙස ඇත්තේ අපගේ බස් රේඩියෝවයි.
Step 8

එය select කල පසු buffer වීම ආරම්භවී ටික වේලාවකින් බස් රේඩියෝව play වනු ඇත.

බස් රේඩියෝව Favourite channel ලැයිස්තුවට එකතු කරගන්නා ආකාරය

ඔබ පෙර පරිදි බස් රේඩියෝවට සවන් දෙමින් සිටින අතර එය ඔබගේ Favourite channel ලැයිස්තුවට එකතු කරගත හැක. එවිට මීලගට ඔබ බස් රේඩියෝවට සවන්දීමට පැමිනෙන විට පහසුවෙන් play කර ගැනීමට හැකිවේ.


Step 1

ඔබ බස් රේඩියෝවට සවන්දෙමින් සිටින අතරතුරම වම් පස ඇති Options මෙනුව වෙත යන්න.

ඉන් පසු එම මෙනුවෙහි ඇති Add to Favourites යන්න select කරන්න. දැන් Buzz Radio ඔබගේ ප්‍රියතම චැනල ලයිතුවට එක්වී ඇත. එය බලාගැනීමට Internet Radio මුල්ම මෙනුව මතට යන්න. එහි ඇති Favourites යන්න select කරන්න.









ඔබ දැන් කිසිදු අපහසුවකින් තොරව යන එන ගමන් වුවද Buzz Radio වට සවන් දිය හැක. මෙය stream වන්නේ 24kbps බෑන්ඩ්විත් එකට අනුවයි. මේ සඳහා ඔබට Mobile Data Plan එකක් ඇත්නම් වඩා යෝග්‍ය වේ. මන්ද යත් විනාඩි 5 කාලයක් සඳහා 900Kb පමන ඩවුන්ලෝඩ් වීමක් සිදුවෙන බැවිනි.

සැලකිය යුතුයි - මෙහි පින්තූර වලින් දක්වා ඇත්තේ මා සතු Nokia N79 දුරකතනයේ මෙය සකසා ගන්නා ආකාරයයි. Internet Radio ඇප්ලිකේශනය වෙත පිවිසෙන ආකාරය දුරකතනයෙන් දුරකතනයට වෙනස් විය හැකි වුවත් ඔබ Nokia Internet Radio තුලට පිවිසි පසු දකින්නට ලැබෙන මෙනු වල වෙනසක් නොවනු ඇත.

ලිපිය සැකසුවේ රජිත් විජේපුර

අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........

 සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

17 comments

  1. මගේ තියෙනෙන Nokia 5320 XpressMusic
    ඒත් මේ විදිහට නැහැ
    මොන රටේද මේ සර්වර් එක තියෙනෙන

    ReplyDelete
  2. N 5230 support naddoo...!!

    ReplyDelete
  3. මල්ලි මගේ තියෙන්නේ Nokia 6120 classic එකක් ඒකේ ශ්‍රී ලංකාව යටතේ බස් රේඩියෝව පෙන්නන්නේ නැහැනේ බං තවම... අනිත් ඒවනං 40ක් විතර තියෙනවා... පොඩ්ඩක් හොයලා බලලා කිව්වනං..

    ReplyDelete
  4. හොව awesome my phone is Nokia 6120 classic :D :D

    ReplyDelete
  5. Nokia 6120 classic එකේ පෙරණිමියෙන් ඔය මෘදුකාංගය තිබ්බෙ නැහැ.. මං කලේ මෙන්න මේක දාගත්තා.. අපුරුවට වැඩ :D
    http://store.ovi.com/content/5354?clickSource=search

    ස්තූතියි.!

    ReplyDelete
  6. nokia 5800 express music walata berida?

    ReplyDelete
  7. kawda oya pissu redio ahanne?

    ReplyDelete
  8. සෝනි එරික්සන් ෆෝන් වල අහන්න බැරිද? ELM PHONE එකක් මා ලඟ තියෙන්නෙ ......

    ReplyDelete
  9. 5230එකට අර බනී කියල තියෙන සොෆ්ට්වෙයා එක වැඩ නැ

    ReplyDelete
  10. mama me gana mulinma buzz ekkadi kiwa. Mokada oyala radio eka myradiostream eke run karana kalet mma ahuwe nokia internet radio eken. Danut ehemai. Ovi store eke soft eka tiye. Streaming support karana onema symbian phn ekaka ahanna puluwan me wage app ekak dagattot. E natat real player tiye nm phone eke, eken unat ahanna puluwan. Buzz radio site eke tiyena real player file eka phn ekata aragena real 'layer eken open karaganna. Habai real player settings wala streaming settings hadanna one.

    ReplyDelete
  11. Ovi Store එකෙන් ඇප් එක ගන්න පුළුවන්.
    නොකියා S60v5, S60v3 ඔක්කොම ෆෝන් වලට ඒක සපෝර්ට්.

    ReplyDelete
  12. අනේ මගේ එකේ පෙන්නන්නේ නැ නොවැ. මොකද මේකට හේතුව?? Buzz Radio කියල එකක් ලංකාවේ රිජන් එකේ නැ නේ??

    ReplyDelete
  13. යේ යේ මගෙ Nokia 5800 xpress music එකෙත් වැඩ එළකිරි වගේ :p

    ReplyDelete
  14. nokiya c5 wage 4n walath meka wada ekath add kara ganna man kalin idalama ahanne c5 4n eke radio eken

    ReplyDelete
  15. මේකට ANDROID APP එකක් හදන්නකෝ

    ReplyDelete
  16. @Biriya biri

    http://blog.buzzradio.lk/2012/01/buzzradio-android-app.html

    අපේ android ඇප් එක ගැන මෙතන විස්තර
    තියෙනවා

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top