ඔබට බස් රේඩියෝ අපගේ සුභපැතුම්
පොතපතට පත්තරයට පමණක් සීමා වී තිබූ ලාංකීය
කාව්‍ය කලාවේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නට සයිබර් කවියට මේ වන විට
හැකියාව ලැබී තිබේ. ෆේස්බුක් සමාජජාලය සහ බ්ලොග් අඩවි හරහා පිබිදෙන කවියන්,
කිවිඳියන් දිනපතාම මතු වූවත් සයිබර් කවිය තුළ තමාටම ආවේණික වූ වටිනාකමක්
හිමිකරගෙන රැඳී සිටින පිරිස ඉතා අල්පය. තම කවිවලටම විශේෂිත වූ නැවුම්
සුවඳකින් සයිබර් අවකාශය පුරවන කාන්චනා අමිලානි ද ඉහත කී අල්ප වූ පිරිසට
අයත් සාම්ප්‍රදායික කවියෙන් ඔබ්බට ගමන් කළ කිවිඳියකි.
ඇය හිතනලන්තය බ්ලොග් අඩවියේ කතුවරිය යි. මට
හැඟෙන පරිදි හිතනලන්තය පුරාම ඇත්තේ ඇගේ සිතුවිලිවලින් සුසැදි සැබෑව සහ
පරිකල්පනය අතර අතරමං වුණු පෙර කී නැවුම් සුවඳ නොකඩවා වහනය වන අරුම පුදුම
අවකාශයකි. එම සුවඳ ඔබව මත් කරවන සුලු ය. ඇබ්බැහිකරවන සුලු ය. එය ආඝ්‍රාණය
වුණු පසු තත්පරයෙන් දාහෙන් පංගුවක දී ඔබ සිත, පුළුස්සන කාන්තාරයක සිට මුදවන
ශීතැති අයිස් ග්ලැසියරයක් මතට අතහරිනු ලබයි. එසේ නොමැති නම් ඔබ හෙළන ඊළඟ
ඇසිපියේ දී, සිරගත වූ ඔබේ සිත ඉදිකඩු සිදුරක් හරහා අනන්ත වූ ආකාශයට විසිකර
දමයි.
මෙසේ බොහෝ කාලයක සිට ෆේස්බුක් කවිය සහ ඉතා සාර්ථක බ්ලොග් අඩවියක් ඔස්සේ පැමිණි කාන්චනා තම ප්‍රථම කාව්‍ය එකතුවත් ප්‍රථම කෙටිකතා එකතුවත් ඔබ වෙත පිදීමට සූදානමින් සිටියි. “ප්‍රේමයේ කාර්තු” ඇය විසින් ලියූ පෙම් කවි 50ක එකතුවක් වන අතර “ගම්මිරිස් කුරුල්ලා” ඇගේ කෙටි කතා 10ක සහ ඩූඩ්ල් 10ක එකතුවකි.
කවියට, කෙටිකතාවට, සාහිත්‍යය රස විඳීමට රිසි ඇති ඔබ මගහැරගත නොයුතු මේ කවි පොතත් කෙටිකතා පොතත් එළිදැක්වීමට නියමිතව ඇත්තේ ජූලි 23 වන බ්‍රහස්පතින්දාට ය. එදින සවස 3.00ට, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී කාන්චනා අමිලානිගේ මෙම ද්විත්ව කෘතීන් ඔබේ සුරතට පිදෙන අතර එහි දී කපිල කුමාර කාලිංග සහ මාලින්ද සෙනෙවිරත්න දෙදෙනා ද දෙසුම් පැවැත්වීමට නියමිත ය.
| සහන් පද්මසංඛ පීරිස් | Colombo Week [http://colomboweek.com/2015/07/17/kanchana-amilani/]
මටත් මතක් වේවිද දන් නෑ යන්න...යාලුවෙක් හරි සැට් වුනොත් හොදයි ..
ReplyDelete