Monday, July 16, 2012

බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012

බස් රේඩියෝ ශ්‍රී ලංකා හි ප්‍රථම සංවත්සරය පසුගිය ජුලි මස 04 වනදා අප සමරනු ලැබුවා. ඔබේ අන්තර් ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරු වන බස් රේඩියෝව ඔබේ ආදරය නිසාම හැමදාමත් ඔබ අතර රැඳී සිටී.
සයිබර් අවකාශයේ පමණක් නොව වෙනත් විවිධ ආයතනික වැඩසටහන් වල දී මාධ්‍ය දායකත්වය හා සහෝදරත්වයේ බැම්මෙන් ඔබ සමඟ සිටියා. එය ඉදිරියටත් එසේම පැවතේවී.

ඔබේ ආදරණීය සයිබර් රේඩියෝවෙන් බ්ලොග් ලියන ඔබ වෙනුවෙන් ම වෙන් කරන ලද සම්මාන උළෙලක්  පවත්වන්නට අදහස් කලෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම සයිබර් සම්මාන උළෙල පවත්වන්නට අපට ලැබීම මහත් භාග්‍යකි.
 අන්තර්ජාලයේ තමන්ගේ හිත් තුල පවතින අදහස් නිර්ව්‍යාජ ලෙස සටහන් කරන බ්ලොග්කරුවන් අගයනු වස් ඒ වෙනුවෙන්ම වූ පිළිගත් සම්මාන උළෙලක් පවත්වන්නේ නැත  නොමැත. එසේම මෙලෙස අන්තර්ජාලයේ බ්ලොග් අඩවියක ඇති දෑ සයිබරය හා සම්බන්ධ නොමැති පාර්ශවයන් දැනුවත් වන්නේ ද සුළු වශයෙනි. එබැවින් මෙම සයිබර්-විශිෂ්ඨයන් අගයනු ලබන අවස්ථා ඉතාම විරලය. 

පහත සඳහන් කැටගරි ඔස්සේ ඔබට අයඳුම් කරන්නට හැකිය.
  1. හොඳම නවක බ්ලොග්කරණය  - බ්ලොග්කරණයට ආධුනික දැනට ඇරඹී මාස 6කට නොඅඩු බ්ලොග්
  2. හොඳම රැඩිකල් බ්ලොග්කරණය - ජීවිතය, සමාජය දෙස වෙනස්ම ඇසකින් බලා ඒ සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය බ්ලොග්කරණය
  3. අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය - තමන් විසින් අත්දකින තම ජිවීතය කැටිකොටගත් විවරණ ශීලි ආත්ම ප්‍රකාශණය
  4. හොඳම අධ්‍යාපනික බ්ලොග්කරණය - දැනුමැති අන්තර්ජාල පුරවැසියන් උදෙසා තමන් සතු දැනුම බෙදාහරිනු වස් තාක්ෂණික ,අධ්‍යාපනික ලෙසින් කටයුතු කරන බ්ලොග්අඩවි
  5. හොඳම තාක්ෂණික බ්ලොග්කරණය - යන්ත්‍ර සූත්‍ර එක්ක ගැටෙන ලෝකය දැන් ක්ලයන්ට් සර්වර් ඇතුළු සයිබර් ලෝකයට මොබයිල් ලෝකයට ඇතුළු වෙලා. මේ සියල්ල දැනුවත් කරන බ්ලොග් අඩවි
  6. හොඳම පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්කරණය - සමාජය, අන්තර්ජාලය,දේශපාලනික ආදි ඕනෑම ක්‍රේෂත්‍රයන් සත්‍ය තොරතුරු මත පදනම් ව කරුණු සොයා බලා සමාජ දැනුවත් කරන බ්ලොග් අඩවි
  7. හොඳම නිර්මාණශීලි බ්ලොග්කරණය - ගැදි පැදි රචනා තුලින් සමස්ත සයිබර් ජනී ජනයාගේ රසාස්වාදනය උසස් කිරීම වෙනුනේ
  8. දෙස බස වෙනුවෙන් වු සාහිත්‍යමය බ්ලොග්අඩවිය
  9. විශේෂ කැටගරි ඡායාරූපකරණය වෙනුවෙන්
  10. විශිෂ්ඨ කාන්තා බ්ලොග්කරණය
  11. ජනප්‍රියතම බ්ලොග් අඩවිය
ලියාපදිංචි කරගන්නා අවසාන දිනය 2012 ජුලි 31 

ඒ සඳහා syndi.buzzradio.lk වෙත පිවිසෙන්න. 

 නීතිරීතී හා කොන්දේසී
  1. ඕනෑම පුද්ගලයෙකුට බ්ලොග්කරණ තරගාවලිය වෙත ඉදිරිපත් වීමේ හැකියාව හිමිවේ. වයස් බේදයක් නොමැත. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම බ්ලොග් සංඛ්‍යාවක් තරගය සඳහා ඉදිරිපත් කළ හැක.
  2. තරගාවලිය වෙත ඉදිරිපත් වීමේ හැකියාව ඇත්තේ සිංහල භාෂා අන්තර්ගතයෙන් යුතු බ්ලොග් අඩවි වෙත පමණි.
  3. බස්රේඩියෝ සාමාජිකයන්ට හා ඔවුනගේ පවුලේ අයගේ බ්ලොග් අඩවි ඇතුලත් කල නොහැක.
  4. බ්ලොග් අඩවිය ලියාපදිංචි කිරීමේ වගකීම යොමු කල තැනැත්තා දැරිය යුතු අතර බස්රේඩියෝ ශ්‍රී ලංකා ඊට වගකියනු නොලැබේ.
  5. එක් බ්ලොග් අඩවියක් කැටගරි 3ක උපරිමටයකට යටත්ව ඇතුළත් කල හැකි අතර අවම වශයෙන් එක් කැටගරියකට හෝ ඇතුළත් විය යුතුය.
  6. 2012 ජුලි 04  වනදා සිට ලියැවුණු ලිපි පිළිබඳ සලකා බලනු ලැබේ.
  7. බ්ලොග් අඩවියේ අන්තර්ගතය සම්බන්ධව එහි හිමිකරු වගකීම බාරගත යුතුය.
  8. අසභ්‍ය දෑ අඩංගු බ්ලොග් අඩවි දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.
  9. හිමිකම් ඇවිරීම සම්බන්ධ කිසිවකට බස්රේඩියෝව වගකීමට නොබැඳෙන අතර ඒ පිළිබඳ ගැටළු සහගත බ්ලොග් අඩවි ගැන අපට පහත මේලය හරහා දැනුම් දිය හැකිය. එවැනි යමක් ගැන පැමිණීල්ලක් ලැබුණු විට සාධාරණ විමසීමකින් තීරණ ගනු ලැබේ.  cyberfest@buzzradio.lk
  10. බ්ලොග් අඩවි ඇතුළත්කරගැනීම පිළිබඳ අවසාන තීරණය සංවිධායක මණ්ඩලය සතුවේ.
  11. තරගාවලිය පැවැත්වෙන කාලය තුළ තම බ්ලොග් අඩවිය තුළ තරගාවලියට ඉදිරිපත් වන අංශයට අදාළ ලාංඡන ඒ ආකාරයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු වේ.
  12. සම්මාන උළෙළෙ අවසන් තීරණය එහි විනිශ්චයකරුවන්ගේ වන අතර බස් රේඩියෝව හෝ එහි සාමාජික කිසිවකු ඊට නොබැඳේ.
  13. ඔබව ඇතුළත් කර ගත් පසුව ඒ පිළිබඳව ඔබට පැය 24ක් ඇතුළත දැනුම් දෙනු ලැබේ.

 මේ පිළිබඳ ලිපියක් යොමු කරන්න නොහැකි වීම පිළිබඳ සමාව අයඳිනවා නමුත් ගූගල් හා ෆෙස්බුක් හරහා දැනුම් දීමත් සමඟ ලියාපදිංචි වු සැමට ස්තුතිය පල කරන්නෙමු.

වැඩි දුර තොරතුරු :- www.buzzradio.lk 
Facebook fan page : - www.facebook.com/buzzradiolk
Facebook fan page : - www.facebook.com/syndi.buzzradio
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

25 comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. පියුමි නෙට්වර්ක් දිසා හා අන්තිමයා වෙත..

    ඔබේ බ්ලොග් අඩවි ඇතුළත් කරගැනීම් ගැන ඉදිරියේදී දැනුම් දෙනු ඇත. එම තහවුරු කිරීම සමඟ අදාල ලාංජන ද ලබාදෙනු ලැබේ.

    ReplyDelete
  15. ඇනෝනිමස් වෙත.
    ඔව් රාජකීය අසනිය කුසුම යනු එක්තරා සාහිත්‍ය සම්මාන උළෙලකි. එහිදී සයිබරය වෙනුවෙන් සම්මාන කිහිපයක් ප්‍රදානය කරන බව ඇත්ත. නමුත් සයිබර් බ්ලොග් වෙනුවෙන්ම වෙන් වු සම්මාන උළෙලක් ලෙස එය පිළි නොගැනේ. බස් රේඩියෝව මෙම සම්මාන උළෙල පවත්වන්නේ සයිබරය වෙනුවෙන් නිසා කිසිදු නිවැරිදි කිරීමක් අවශ්‍යනොවේ. පැහැදිලියි නේද? ඔබ අපගේ වර්ශපූර්ණ විකාශයට සවන්දී මෙම තරඟය හඳුන්වාදීමේ වැඩසටහන ශ්‍රව‍ණය ‍කලේ නම් මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් නොකරනු ඇත.

    ReplyDelete
  16. බස්රේඩියෝ සාමාජිකයන්ට හා ඔවුනගේ පවුලේ අය කවුද කියලා පොඩ්ඩක් කිවුවා නං..
    (at July 16, 2012 1:54 PM )

    ReplyDelete
  17. විශිෂ්ඨතම පිරිමි බ්ලොග්කරණය නැත්තෙ මොකෝ?

    කැටගරියක් නැති එකේ සහයෝගය දැක්වීමක් හැටියට ඒකටවත් දාන්න තිබුනා..
    (at July 16, 2012 3:06 PM )

    ReplyDelete
  18. em has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":

    Oya හරී kiyana kathawa hari. Mokada pirimi blog walata wenama award ekak naththe?

    Mekath purushadhipaththaya thamai.
    Kanthawo oya widhiyata paachchal karanna epa.

    Mekata hari nam blog liyana kanthawo wiruddha wenna ona.
    (at July 16, 2012 7:07 PM )

    ReplyDelete
  19. Anonymous has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":

    ජනප්‍රියම අඩවිය ‍තෝරන්නෙ කොහොමද මචන්!

    වඩාත් සුදුසුයි නේද පාඨකයන්ට ඒක ‍තෝරන්න දුන්නොත්?
    Google Form එකක් මාර්ගයෙන් ජනප්‍රියම අඩවියට ඡන්ද එකතු කරන්න පුළුවන්......
    (at July 16, 2012 7:20 PM )

    Anonymous has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":

    ජනප්‍රියතම බ්ලොග් අඩවිය kehel kotuwe punchi mahattaya kiyana wides sittarage blog eka tama mata nam danata hodama...his ahase post adui watenawa dan...liyannage blog ekath hodai.
    .hodama radical blog ekata ne man wedi tiyanne samanalayata blog eka hodai,
    අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය mekata dumi aiyage blog eka hodai..

    හොඳම අධ්‍යාපනික බ්ලොග්කරණය mekata ara podi ekkenek liyana hama dama wage post ekak watena blog eka hodai,,aniwaryen ekata nam place ekak tiyennama one..man dakala ne wadiya kauruth commnet karanawa..ath ake post godak interesting ...
    හොඳම තාක්ෂණික බ්ලොග්කරණය ? mekata nam ekak nati taram tech katha walata place ekak tibunoth hodai wage
    හොඳම පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්කරණය mekata ara last post eka tibune bismath nawe kese ekak dala army eke iya kenek liyana blog eka hodai
    හොඳම නිර්මාණශීලි බ්ලොග්කරණය meka kehel kotuwe punchi mahattayage bloge a kiyanne wides sittarage blog eka hodai
    විශිෂ්ඨ කාන්තා බ්ලොග්කරණය mekata ara walauwe namak dagena inna kastiya me dawas wala hoo gala bana ganna blog eka hodai name eka mataka natho
    onna mage ideas
    (at July 16, 2012 8:59 PM )

    Anonymous has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":
    අයින් කරන අසභ්‍ය බ්ලොග් අඩවිවල ලිස්ට් එකක් දානවද? අසභ්‍ය වෙන එකේ සීමාව මොකක්ද? තොල් සිපගන්න එකක් ගැන ලිව්වොත් ඒක අසභ්‍යයිද? එහෙම නැත්තං ‍සෙක්ස් සීන් එකක් ශ්‍රංගාර විධියට නැතුව සාහිත්‍යයෙන් ලිව්වොත් ඒක අසභය වෙනවද?
    (at July 17, 2012 1:50 AM )

    ReplyDelete
  20. Networkදිසා has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":
    බ්ලොග් අඩවිය ඇතුලත් කල නොහැක.
    Oops, something went wrong.
    The form "බස් රේඩියෝ බ්ලොග් සම්මාන තරඟාවලිය 2012" is no longer accepting responses.
    Try contacting the owner of the form if you think this is a mistake.
    (at July 27, 2012 10:17 PM)

    උපුල් පල්ලෙකුඹුර has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":
    ලියාපදිංචි කරගන්නා අවසාන දිනය 2012 ජුලි 31 Unaata "The form "බස් රේඩියෝ බ්ලොග් සම්මාන තරඟාවලිය 2012" is no longer accepting responses." kiyala wetenawane ?
    (at July 27, 2012 9:44)

    Dude has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":
    මම අදහසක් කියන්නද මේ ගැන? අපි බ්ලොග් ලියන්නෙ නිදහසේ අපේ අදහස් ප්‍රකාශ කරන්නයි. අරයව මෙයාව සතු‍ටු කරන්නයි, තුන් දොස් නොකිපෙන්න ලියන්නයි, බොසා හොඳින් තියාගන්න ලියන්නයි වගෙ එක එක මගුල් නෑනෙ බ්ලොග් ලියන කොට පත්තරේකට ලියනවා වගෙ.

    ඉතින් මම නම් අර උඩ දාලා තියෙන නීති රීති නොකැඩුවත්, නීති රීති කොන්දේසිවලට යටත් වෙලා බ්ලොග් ලියන්න කැමති නෑ. මුලින් කිව්ව වගේ ඒකනෙ බ්ලොග් ලියන්නෙ.

    ඉතින් නියම සම්මාන උලෙලක් හැටියට මේක කරන්න ඕනෙ නම් ඔය නම් යෝජනා කරන රාමුවෙනුයි, අයදුම් පත්‍ර භාර දෙන රාමුවෙනුයි මිදිලා, පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ කියන්නෙ බ්ලොග් ලියන, ඔය නීති රීති වලට යටත් වෙලා ලියන්න අකමැති, අයගෙ බ්ලොග් ඔය තරඟයට අහුවෙන්නෙ නැති නිසා, ඉස්සෙල්ලම බ්ලොග් ලෝකෙ තියෙන බ්ලොග් කියවන්න ඕනෙ ඇප්ලිකේෂන් දාලද නැත්ද කියලා නොසලකා. ඊට පස්සෙ ඕනෙ නම් බලන්න පුලුවන් ඔය කොන්දේසිවලට අනුකූලද නැත්ද කියලා ඕනෙම නම්. ඊට පස්සෙ කෙටි ලැයිස්තුගත කරන්න (short list) පුලුවන් වට කීපයකින්.
    ඔන්න ඔය ක්‍රමයෙන් පුලුවන් වෙයි ඉතාම සාර්ථක, සාධාරණ බ්ලොග් සම්මාන උලෙලක් පවත්වන්න.

    මම කියවලා තියෙනෙවා ඔය තර‍ඟෙට ඉදිරිපත් වෙලා සම්මාන ගන්න බලාපොරොත්තුවක් නැතුව ලියන හොඳම ලිවීමේ ශෛලියක් ඇති බ්ලොග්.

    ස්තුතියි.
    (at July 24, 2012 9:47 PM)

    ReplyDelete
  21. Networkදිසා has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":
    තරගය සදහා අයදුම් කලද ඇතුලත් කරගත් බවට කිසිදු දැනුම්දීමක් සිදුනොකරන ලදි..
    (at August 6, 2012 10:24)

    අන්තිමයා has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":
    මම මගේ බ්ලොග් එක එව්වා .... ඒක හරිද දන්නෙ නෑ නේද..? අර ලාංඡනය කොහෙද දන්නෙ නෑ .
    (at August 7, 2012 5:31 PM)

    Anonymous has left a new comment on your post "බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012":
    "ශ්‍රී ලංකාවේ ප්‍රථම සයිබර් සම්මාන උළෙල පවත්වන්නට අපට ලැබීම මහත් භාග්‍යකි."
    මෙය වැරදි ප්‍රකාශයක් බවයි මට පෙනී යන්නේ. රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය සංගමය දැනට වසර 3ක් තිස්සේ පවතිවාගෙන යනු ලබන අසෙනිය කුසුම ලංකාවේ ප්‍රථම සයිබර් සම්මාන උළෙලයි. එනිසා මෙය නිවැරදි කරනවානම් හොඳයි නේද. ඒ යම් දෙයක නිසි ගෞරවය අදාළ පුද්ගලයාටම දියයුතු නිසාවෙන්.
    (at August 8, 2012 6:52 AM)

    ReplyDelete
  22. අතපසු වීමකින් කමෙන්ට් ගණනාවක් මැකීගොස් ඇති බව කනගාටුවෙන් දැනුම් දෙන අතර ඊමේල් නොටිෆිකේශන් එකේ ඇති ආකාරයට ඒවා පසුව පළ කල බවත්, කමෙන්ට් කළ අයට සිදුවන අපහසුතා ගැන අප කණගාටුවත් මෙයින් පළ කර සිටිමු.

    ReplyDelete
  23. ඇයි එක පාරක් ටැබූ සම්මාන දුන්නේ,ඒක අමතකද? මේක පලවෙනි වතාව නෙවෙයි

    ReplyDelete
  24. ෙම්ක ෙවනස් අළුත් නැවුම් ... කව ඉදිරියට බලන්න අැයි අපි ෙම්ක පළමු ඒක කියලා කියන්ෙන් කියලා ෙත්ෙර්යි.. වැඩි දුර විස්තර ෙර්ඩිෙයා්ෙවන් දැනුම්ෙ ද්වි.

    ReplyDelete
  25. සිංදු දාන අයම ආයෙ ඒකම අහන රේඩියෝ එක බ්ලොග් හරහා ප්‍රචාරය කරගන්න නියම අවස්ථාවක්.

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top