Wednesday, February 13, 2013

♫අද ජාත්‍යන්තර රේඩියෝ දිනයයි♫


ශබ්දය විද්‍යුත් තරංග බවට පරිවර්තනය කරමින්, ලොව පුරා අනේක විධ හඬ පෞර්ෂයන් සහ නාදයන්, වෙනුවෙන් රසිකයන් හා ශ්‍රාවකයන් බිහි කරන ලද්දේ රේඩියෝ විසිනි. මිනිසාගේ, හදවතට අන් සියලු ජන මාධ්‍යයන්ට වඩා සමීප වෙමින්, තවමත් ඉහළම තැන රැඳී සිටින්නේද රේඩියෝවයි. එයට බලපෑ එකම හේතු ප්‍රත්‍ය නම් ඒක පුද්ගල රසවින්දනයේ කිරුළ වෙනෙකෙකුට දරන්නට නොදී තමා සන්තකයේම රැක ගැනීමට තුන්කාලයේ හැකිවූ එකම සන්නිවේදන ප්‍රභවය වීම නිසා විය යුතුය.

එදා මාර්කෝනි නම් වූ කුඩා මිනිසාගේ , සිතුවිල්ල ලොවක් වැළඳ ගනිමින්, සියවසක් ඉක්මවූ කාලයක් තාක්ෂණයේ දියුණුව සමඟ තව තවත් මටසිලිටි වෙමින්, පියවරෙන් පියවර ශිෂ්ටාචාරය සමඟ බද්ධ වූ රේඩියෝ කලාව, එෆ් එම් කලාව සමඟින් ජන හදවත් ස්පර්ෂ කොට අද වන විට සයිබරය ද අත්පත්  කරගෙන ඇත. 

මේ සියලු රේඩියෝ අතරින් ලොව සතර දිග් භාගය සෞන්දර්යයෙන් අතික්‍රමණය කළ, ලොව පුරා සිංහලෙන් මානුෂීය හැඟීම් බෙදන්නට එකාවන්ව පුරෝගාමි වෙමින් තාරුණ්‍යය් මෙහෙවරක් වී නම්, ඒ කාලත්‍රය තුළ ආදරණීය බව පමණක්ම ලාභය ලෙස ලද  ඔබේ ම බස්රේඩියෝ වන්නේය. අපි ලද මහර්ඝම සම්පත දයාබර රසික ඔබ මිස, වෙන කවුරුන්ද?

ඉදින් පෙබරවාරි 13 වන අද දිනට යෙදෙන ජාත්‍යන්තර රේඩියෝ දිනය වෙනුවෙන්, රේඩියෝ කලාව වෙනුවෙන් උර දුන් සියල්ලන්ට බස් රේඩියෝ උත්තමාචාරය මෙලෙසින් පුදන්නට අපි සැරසෙන්නෙමු...


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. මේ පෝස්ට් එක දැක්කට පස්සෙ තමයි දැනගත්තෙ අද එහෙම දවසක් කියල..

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top