Sunday, June 9, 2013

මා ආ මග පලමු පියවර - අටම්පහුර

අන්තර්ජාල රේඩියෝ කලාවේ නව මානයන් සොයා ගිය බස් රේඩියෝවෙන් ඔබට තවත් නවමු අත්දැකීමක්. දන්නා අයෙකුගේ නොදන්නා වත සොයා යන, "මා ආ මග" සජීවී රේඩියෝ පිලිසඳර 2013-06-09 වනදා සිට සෑම ඉරුදිනකම රාත්‍රී 8.30 පටන් දෙහෝරාවක් පුරාවට බස් රේඩියෝව ඔස්සේ විකාශය වේ.




බ්ලොග් අඩවි තුලින් හඳුනා ගත් අයෙකුගේ, බ්ලොග් අඩවියෙන් අපට නොපෙනෙන ඔහු/ඇය පිළිබඳ අපි අසා බලමු. ආරම්භක වැඩසටහනින් ඔබ හමුවන්නේ  ඔබ කවුරුත් හොඳින් හඳුනන, බොහෝ ජීවන අත් දැකීම් වලින් සපිරි අටම්පහුර බ්ලොග් අඩවියේ , ලක්මාල් කන්දෙවිදාන මහතායි. 

දැනුම විනෝදය සපිරි දෙහෝරාවක් ගතකිරීමට ඔබත් නොවැරදීම මේ ඉරිදා රාත්‍රී 8.30ට බස් රේඩියෝව හා රැඳෙන්න. වැඩසටහන මෙහෙය වීමෙන් දායකත්වය ලබා දෙන්නේ ඕනමැන්ටල් / ඕනයා හෙවත් දුලිප් සිකුරාජපති මහතාය.
වැඩසටහන වෙනුවෙන් නිශ්පාදනය කල පූර්ව ප්‍රචාරක පටයයි මේ..



සීමිත පිරිසකට සජීවීව අටම්පහුර ඇමතීමට අවස්ථාව ලබා දිය හැකි අතර වැඩි විස්තර සඳහා prog@buzzradio.lk යන විද්‍යුත් ලිපිනයෙන් සම්භන්ධ වන්න.

සයිබර් අවකාශයේ සහෘදයෙකු සමග ගෙවෙන දැනුම  විනෝදය පිරුණු රසවත් කතාබහ. සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට, "මා ආ මග" සමගින් ඔබත් එක් වන්න.


Buzz Radio
  Million Songs with Hundreds of DJs
www.buzzradio.lk | බස්රේඩියෝ.ලංකා
info@BuzzRadio.lk

 අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත  
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 comments

  1. දුලිප් සිකුරාජපති. ඔබ 1960 ගණන්වල කෑගලු විද්‍යාලයේ ඉගෙනගත් සිකුරාජපතිගේ නෑයෙක්ද?

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top