Thursday, August 22, 2013

මා ආ මග 2013-08-25

සමහර දේවල් එකපාරක් අහලා මදි. එදා අහන්න බැරි වුණ අයටයි. අලුතින් අහන අයටයි..
මා ආ ගමන් මග... තවත් වැඩි විස්තර එක්ක.. අහන්න.. 

ගොඩක් මුල්ගල් නැකත් කොළ, එතකොට වාස්තු විද්‍යා පත්‍ර වල ඉහළම තියෙන්නෙ ඔය වචන ටික.

අද කාලෙ ගෙයක් හදනවා කියන්නෙ හීනයක් ගොඩ නගනවා වගේ දෙයක්...ගොඩක් මුල් ගල් පැල වෙන අද කාලෙ.. ඔබේ ගෙපැල කපන්න ඉස්සර මේ ඉරිදා බස් රේඩියෝ ළඟ පෙළ ගැහෙන්න..ගිය ඉරිදා වාගෙම ඒ දෙන්නම  එනවා. ඔයාගෙ පැතුමට පුංචි උදව්වක් වෙන්න 

අගෝස්තු 18 වන දා  මා ආ ගමන් මග වැඩසටහනෙන්.. ඔයලා හමුවුණ
 වාසනා ප්‍රනාන්දු සහ රන්දිකා රණවීර... මෙවරත් එනවා.. තව වැඩි විස්තර අරන්..
නැවත වරක් සිහිපත් කළොත්..ඔවුන් අයිති වෙන්නෙ ඉදි කිරීමේ ක්ෂේත්‍රයට..

ඉදි කිරීමේ ක්ෂේත්‍රය කීවාම, වාරි මාර්ග, ගොඩනැගිලි, වරාය , පාලම්, මහා මාර්ග වගේ ඒකී මෙකී නොකී 
හැම දෙයකින්ම පිරුණ ගොඩක් විශාල වපසරියක් තියෙන ක්ෂේත්‍රයක්. 

විවේකී ඉරිදා සිංදුවක් එක්ක රේඩියෝ අහන ඔයාව ඒ තරම් මහන්සි කරන්න බැරි හින්දාම.. ඔයාට වැදගත් වෙන සරළම දේ
කතා කරමු කියලා එයාලා අපිට කිව්වා. ගිය ඉරිදා වාගෙම..

ඒ නිසාම එදා වාගෙම අපි  කතා කරනවා. නිවස නිවහනක් කරගන්න හැටි.

අලුතෙන් ගෙයක් හදන්න ඉන්න, පරණ ගෙදරට කෑල්ලක් එකතු කරන්න ඉන්න, පරණ ගෙදරම අලුත් කරන, හැම කෙනෙක්ම එන්න.
ඔයාගෙ බජට් එකට, අඩුම කාලයකින් , හොඳම ඩිසයින් එකකට ගෙයක් හදන්න.. 
පැය දෙකකින් ඉගෙන ගන්න.
කන්ට්‍රැක්ට් වලට ඇන්දෙන්න එපා. අනුකරණ වලට රැවටෙන්න එපා..
ගෙදරට හැම අවුරුද්දෙම තීන්ත ගාන්න කලින් ... කරන්ට් , වෝටර්, ඩැනේජ් සිස්ටම් රී චෙක් කරන්න...


හැබැයි ඒ හැමටම කලින් මේ ඉරිදාත් 8.30 ට මා ආ ගමන් මග අහන්න.


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top