Monday, December 1, 2014

ඉලක්ක කරමු ; කැපවෙමු ; බිහි කරමු - HIV AIDS තොර පරපුරක්



ලෝකයේ පලමු වැනි ඒඩ්ස් රෝගියා හඳුනාගත්තේ 1981 දෙසැම්බර් මාසේ 01 වනදා ඒ දවස සිහිකරන්න ලෝක ඒඩ්ස් නිවාරණ දිනය එදිනට යෙදී තිබෙනවා. ලොව පුරා බොහෝ අය රතු පැහැ රිබන් පටියක් ආදරයේ හා රැකවරණයේ සංඛේතය ලෙස ඒ දවසට පළඳිනවා. ඔවුන් ජීවිතයට ආදරය කරන්න කියලා අනෙක් අයගෙන් ඉල්ලා සිටිනවා.
ඒඩ්ස් යනු වෛරසයකි මේ තුලන් මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය අක්‍රිය කිරීම සිදුවෙනවා. ඒ නිසාම ඕනෑම රෝගයක් ඒඩ්ස් ආසාධිතයෙකුට මාරාන්තික වෙන්න පුළුවන්. කොටින්ම සෙම්ප්‍රත්‍යාව පවා.
අප්‍රිකානු කොළ වඳුරාගෙන් මිනිසාට බෝ වුනා යැයි කියන මේ ඒඩ්ස් වෛරසය මාරාන්තිකයි මෙන්ම ඒක තව කෙනෙක්ට බෝ වෙන්නේ මිනිස්සු වන අප හරහාමයි. ඒ නිසාම අප උපතින්ම ඒඩ්ස් අවධානම දරාගෙන සිටිනවා.
මේ රෝගය වලක්වාගැනීමට ඔබට මෙන්ම මටත් වගකීමක් තියෙනවා. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න. ඒඩ්ස් රෝගය නිර්ණය කරගැනීම සඳහා ඔබත් ඔබේ රුධිරය පරීක්ෂාව කරගන්න. ගැබිණි මවක් නම් මතු උපදින ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න අනාගතය වෙනුවෙන් මෙම පරීක්ෂාව කරගන්න.
ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාධිත අයගෙන් 52%ක්ම පිරිමි අය ඉතිරි අය කාන්තාවන්.. ඔවුන්ගෙන් බොහෝමයකට ඒඩ්ස් වැළැඳී තිබෙන්නේ සිය ස්වාමී පුරුෂයාගෙන්. මව්පියන්ගෙන් ආසාධිත දරුවන් මෙන්ම රුධිර පාරවිලයන නිසා ඒඩ්ස් ආසාධිත වූ අය සිටිනවා.
ඒ නිසාම නිරන්තර දැනුවත් භාවයත්,අධ්‍යාපනයත් මෙන්ම ආරක්ෂා වීමත් ඉතාම වැදගත්.
ඒඩ්ස් වෛරසය ජාතිය කුලය ආගම පංති භේදයක් නැහැ. ඒත් තමන්ගේ ප්‍රතිශක්තිය අහිමි වුන අපේම සහෝදරයන්ට ජීවත් වීමට ශක්තියක් තියෙන්න ඕනේ. එම ශක්තියේ ප්‍රභවය ඇතිවිය යුත්තෙ ඔබේත් මගේත් හදවත් තුලයි. අප අපගේ නොදැනුවත් බව නිසාම තව දුරටත් ප්‍රතිශක්තියත් හීණ වු ඒ සහෝදරයන්ගේ ජීව ශක්තියට හානි පමුණුවන්නන් වෙනවාද ?

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුල HIV ශරීර ගත වූවන්ගේ සංඛ්‍යාව 2014 ක්. පසුගිය වසර තුල ඒඩ්ස් වලින් මියගිය ගනන 300ක් පමණ විය හැකි බව ගනන් බලා තිබෙනවා. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන නොමිලේ සහ රහසිගත ලෙස HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝග පිලිබඳව පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් දුරකථන අංක මගින් ලබාගන්න පුළුවන්.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන
නො:29, ද සේරම් පෙදෙස,
කොළඹ 10.
ශ්‍රී ලංකාව.

දුරකථන - 011 26 67163
ෆැක්ස් - 011 533 6873 / 011 2682859
විද්‍යුත් තැපෑල - info@aidscontrol.gov.lk
වෙබ් - www.aidscontrol.gov.lk

ඔබටත් ,ඔබේ ජීවිතයටත් ,සමාජයටත් එකසේ ආදරය කරන්නයි ඉල්ලන අපි බස් රේඩියෝ

★ Like ★ Comment ★ Share

#ඒඩ්ස් #HIV #AIDS Buzz Radio බස් රේඩියෝ ප්‍රජා දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. අදයි ඔබේ සයිටයට අාවේ.............. නියමයි........ බ්ලොග්කරුවන්ට කරන සේවය අගෙයි.......... විස්තර අහලා තිබුණා.. ඒත් අාවේ අදයි

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top