Thursday, July 16, 2015

#RanaViruMeetUp | මේ වෙනුවෙන් ඔබට කල හැකි දෑ බොහෝය.

මෙයට වසර කිහිපයකට පෙර අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා. ඔවුන් අපට සාමය ලබාදුන්නෝ ය. අපට නිදහස ලබාදුන්නෝය. ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වුවත් අපෙන් ඔවුන්ට වන්නට ඇති යුතුකම ඉටු වුවාද යන්න ගැටලුවට පිළිතුරු මේ වන විටත් අප සමාජය තුල වෙසෙන බොහෝදෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා නැතිවා වන්නට පුළුවන, මවක් තමන්ගේ දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවනවා මෙන් ඔවුන්ද අපේ කිසිවක් බලාපොරොත්තු නොවන බව අප දනිතත්, ගමනක වෙහෙස නිවනා මිනිසෙකුට දිය පොදක් දෙන්නට මැලි නොවූ මිත්‍ර සංග්‍රහයේ බුහුටි වූ ජාතියක වර්තමාන පුතුන් වන අප අපෙන් වන්නට ඇති යුතුකම් ඔවුන් අපගෙන් බලාපොරොත්තු නොවුනත් අපගේ යුතුකම එය නොපිරිහෙලා ඉටු කිරීම නොවේද? මේ වන විට දානයට හිත ඇති අයට එවැනි දෙයකට සම්මාදම් වීමේ අවස්ථාවක් හිමිව තිබේ.

ඔබ හැමදෙනාම මේ වන විටත් දන්නා පරිදි රාගම පිහිටා ඇති “රණවිරු සෙවන” ආබාධිත රණවිරුවන්ට රැකවරණය සලසන ආයතනය තුල මේ වන විට සියයකට අධික ආබාදිත රණවිරුවන් ප්‍රමාණයක් නිතිපතා ප්‍රතිකාර සහ සැලකුම් ගනු ලබයි. මේ වන විටත් ලතෙත් හිතැති සොඳුරු මිනිසුන් ඒ රණවිරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා ඔවුන් සමගින් හිතේ ඇති දුක්වේදනා සංකා බිඳුවකින් හෝ දුරුකරන්න උත්සහ කරන බව අප දනිමු. මේ අපුරු රණවිරු සෙවනේ විශේෂත්වය වන්නේ ඔවුන් කිසිදු ආකාරයක මුල්‍යමය ආධාර බලාපොරොත්තු නොවන බවයි. ඒ වෙනුවට ඔවුන් වෙනුවෙන් අපට ද්‍රව්‍යමය ආධාර ලබාදෙන්නට හැකිනම් ඔවුන් මහත් සේ අගය කරනු ඇත.
මේ වෙනුවෙන් වර්තමාන සමාජ ජාල අතර මුල් තැනක් හොබවන twitter සමාජ ජාලය තුල එක් සුන්දර මිනිසුන් රැසකගේ සංවිධානයෙන් #RanaviruMeetUp [මිතුරුහමුවක්] සංවිධානය කර ඇත. දිනය ජුලි මස 25වනදා උදෑසන 9.30 සිට සවස 5 වන තුරු ඔවුන් හා එක්වී ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදාගෙන සුන්දර කාලයක් ගත කරන්න සියලු කටයුතු සුදානම් කර හමාරයි.
ඉතින් මේ සුන්දර හමුවට ඔබේ අනුග්‍රහය ලබාදෙන්නට කැමති නම් ඒ සඳහා පහත සඳහන් භාණ්ඩ හෝ ඒවා මිලදී ගන්නට මුදලින් සහය වන්නට ඔබට පුළුවන්.
රෝද පුටු
වැලමිටි අත්වාරු
සිවිලිම් විදුලි පංකා
ලිපිද්‍රව්‍ය
මුද්‍රණ යන්ත්‍ර සඳහා LQ2090 රිබන්
ඔබේ කැමැත්ත එයට මුල්‍යමය දායකත්වයක් සපයන්නට නම් මෙන්න ඒ සඳහා තොරතුරු:
සම්පත් බැංකුව, කොලම සුපිරි ශාඛාව නම: එම්. ඩී. සෙනරත් යාපා / ඩබ්ලිව්. ජී. ටී. ප්‍රනාන්දු ගිණුම් අංකය: 1175-5482-2773
මේ හමුව පිලිබඳ ව වැඩි විස්තර සඳහා :
වෙබ්     : http://ranavirumeetup.org/
ට්විටර්   : @RanaViruMeetup
ඊමේල් : muditha7@gmail.com | gihangamos@gmail.com.
ආධාර ලබාදීමට ලියාපදිංචි වීම සඳහා මේ යොමුව පාවිච්චි කරන්න : http://goo.gl/2CHrsS 

මේ ඉසව්ව සංවිධානය කරන්නේ : 

















http://nonedit.blogspot.com
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top