Friday, December 28, 2012

♪♫♪♫♪BUZZ RADIO♪♫♪♫♪ BLOG AWARDZ 2012

♪♫♪♫♪BUZZ RADIO♪♫♪♫♪ BLOG AWARDZ 2012  
නිල සම්මාන ප්‍රදානෝත්සවය



2012 වසරේ දී අති උත්කර්ෂයෙන් පැවැත්වුණු බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලේ ජයග්‍රාහක ජයග්‍රහිකාවන් දැනුම් දීමෙන් අනතුරුව, එහි නිල සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දෙසැම්බර් 27 වෙනිදා වෝටර්ස් ඒජ් හී දී පැවැත්වුණා. ඒ සඳහා සම්මාන දිනාගත් බ්ලොග් කරුවන් සහ බ්ලොග් කාරිනියන් සහභාගි වූ අතර, ඔවුන් වෙනුවෙන් ත්‍යාග සමඟින් සහතිකපත්ද පිරි නැමුණා. එමෙන්ම විනිශ්ච මණ්ඩලය ලෙසින් සහභාගි වූ විද්වතුන් වෙතද උපහාර සම්මානයක් ලබා දීමට, බස් රේඩියෝ කණ්ඩායම අමතක කළේ නෑ.
සවස තුනේ පටන් ආරම්භ වූ මේ නිල සම්මාන ප්‍රදානෝත්සවය සවස පහ පමණ තෙක් පැවතිය අතර, වර්ෂාවෙන් සිදුවූ බාධාවද මැඩ ගෙන එය අතිශයින් සාර්ථක කර ගැනීමට හැකි වූ බව, අප ඔබ වෙත දැනුම් දෙන්නේ හද පිරි සතුටිනි.

උත්සවය සඳහා සහභාගි වීමට ආරාධනා කරන ලද්දේ, ජයග්‍රහණය කළ අයට හා විනිශ්චය කළ විද්වතුන්ට පමණි. නමුත් අප විසින් ඊට පෙර දිනයේ පැවති වැඩසටහන් ඇසුරින් ට්ව්ටර් (Twitter) හා (Facebook) ෆේස් බුක් හී පැවැත්වූ තරඟයකින් තෝරා ගත් ජයග්‍රහකයන් පස් දෙනෙකුට අප හා නිල සම්මාන ප්‍රදානෝත්සවයට එක්වීමට අවස්ථාව ලබා දෙන ලදි.

උත්සවයට පැමිණි සියලු දෙනාම සතුටට පත් වූ අතර, එය බස් රේඩියෝ අප විශාල තෘප්තියක් ලද බව සතුටින් දැනුම් දෙමු. අපිට සම්මාන ප්‍රදානය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ, සියලු අනුග්‍රහක භවතුන්ටත් අපගේ හද පිරි පුණාමය මේ අවස්ථාවේ හිමිවෙනවා. වචනයකින් හෝ උදව් කළ සැමට ස්තූතියි.. බාධක පනවමින් අප මේ තරම් සාර්ථක කරනු වස් දිරිමත් කරන්නට දායක වූ අයට සිය දහස් වරක් ස්තූතියි.

බ්ලොග් සම්මාන උළෙලේ මතක සටහන්..සියල්ල නැරඹීමට, අපගේ FACEBOOK කණ්ඩායම වෙත පිවිසෙන්න.

සම්මාන ලැබූවන් සම්මාන අතැතිව විනිශ්ච මණ්ඩලයේ ඉන්ද්‍රනාථ තේනුවර මහතා සමඟ



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. මේ අයගේ නම් දැම්මනම් වටිනවා නේද ?

    ReplyDelete
  2. එන පාරත් මේ වගේම බ්ලොග් තරගාවලියක් පැවැත්වීමට හැකියාව ලැබේවා.අපිත් ඔබ සමගයි.බස් මිතුරනි.

    ReplyDelete
  3. සියළු ජයග්‍රාහකයින් දැනගැනීමට syndi.buzzradio.lk වෙත පිවිසෙන්න

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top