Friday, April 26, 2013

ජීවිතය බෝ කරන්න ලේ බිඳක් දන් දෙන්න


       ජීවිතය කියන්න අපි හැමෝටම අයිති දෙයක්, ඒ ජීවිතය වඩාත් වර්ණවත් වෙන්නේ අපි ඒ වෙනුවෙන් ජීවිතය සඳහා තමන්ට අයිති යුතුකම් සහ වගකීම් කොටස හරියට ඉටු කරනවා නම් පමණයි, කලයුතු යුතුකම් කොටස් කෙනාගෙන් කෙනාට මෙන්ම සිතුවිල්ලෙන් සිතුවිල්ලට වෙනස් වෙනවා මෙන්ම මෙන්න මේ තමා යුතුකම් හෝ මෙන්න මේ තමා වගකීම් කියා කැටගරි ගත කර පෙන්වන්නට හැකියාවක් නෑ.., ඒ උක්ත ක්‍රමවේදයන්ගේ විචල්‍ය භාවය නිසාවෙන්මයි.
එකිනෙකාට තමන්ගේ යුතුකම් කොටස ඉටු කරන්න හෝ සිය වගකීම හරි හැටි ඉටු කරන්නට වෙරදරන මානසිකත්වයක් තුල ඒ යුතුකම් හා වගකීම් අනෙකාගේ සුඛවිහරණය සඳහා කුඩා හෝ දායකත්වයක් පලකරන්නට හැකියාව ලැබෙන අවස්ථා රාශියක් අවට ලෝකය තුල අපට ලක්ෂ්‍යගත කර පෙන්වන්නට පුලුවන්..., ලේ දන්දීම ඉන් එක දායකත්වය පලකිරීමක්. එහෙව් ලේ දන්දීමේ පින්කමකට මුල පුරන්නට අන්තිම පේලිය හෙවත් the last row කණ්ඩායම මුල පුරා තිබීම අද්විතීයයි.
ඔවුන් එයට නිමිත්තක් කරගෙන ඇත්තේ මෙයට වසරකට පෙර අප අතුරින් වියෝ වූ සනත් විජේවර්ධන සහෘදයාවයි.., බ්ලොග් ලෝකය තුල Observer නො එසේනම් "ඔබාමාමා" යන ආදරණීය නාමකරණය ලැබූ ඒ අපූරු පුද්ගලයාට පිං පිණිසයි. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අප්‍රියෙල් මස 28 වන ඉරු දින උදෑසන 9 සිට සවස 3 දක්වා සිදු කෙරෙන මේ පිංකමකට වඩා යුතුකමක් වන මේ ඉසව්වට අන්තිම පේළියේ සහෘදයින් ඔබ හට ආරාධනා කරන්නේ සුපුරුදු හිතවන්ත බවින්ම යි.
මේ ඉසව්ව සඳහා මාධ්‍ය දායකත්වය දක්වන බස්‍ රේඩියොව ඔබව නිරතුරුවම දැනුවත් කරනු ලබන අතර මේ වනවිටත් මූණුපොත් හරහා පැතිරෙන අදාල ඉසව්වේ තොරතුරු රැගත් පෝස්ටර ඔබට ඒ සඳහා සහභාගි වීමට පාර කියනු ලබනවා ඇති. 



එන්න ජීවිතයක් ජීවත් කරවන්න ජීව හුස්ම පිඹින්න ලේ බිඳක් දන් දෙන්න..!
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top