Saturday, December 29, 2012

♪♫♪♫♪BUZZ RADIO♪♫♪♫♪ උඳුවප් පෝදා නමස්කාරය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා සිටින සිංහලෙන් හිතන පතන ජනතාවගේ සිත් සතන් තුළට කතා කිරීම අපේ එකම බලාපොරොත්තුවයි. ඔබගේ රසවින්දනයට මෙන්ම, ඔබගේ ජීවිතයට යම් වට්නාකමක් ලබා දීමට අපි උත්සාහ කරන්නෙමු. ඒ වෙනුවෙන් ලොව පුරා සිටින, බෞද්ධ ජනතාව වෙනුවෙන්, අප ආරම්භ කළ නවතම වැඩසටහන පෝදා නමස්කාරයයි.  උඳුවප් පොහොයෙන් ආරම්භ වන මෙම වැඩසටහන, මෙතැන් සිට සෑම මාසයකම පොහොය දින වලදී රාත්‍රී අටේ සිට පුරා හෝරා දෙකක් ශ්‍රවණය කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා.


මෙම වැඩසටහනේ නිර්මාණය අප සහෘද කුරුළු සොයුරාගේය. උඳුවප් පොහෝ දිනයේ දී විකාශය  කරන ලද පෝදා නමස්කාරය ඔබට  මඟ හැරුණා නම් එවන් අය වෙනුවෙන් අප මෙතැන එම වැඩසටහනේ පටිගතය දක්වා ඇති බව ඔබට දැනුම් දෙමු.




පෝදා නමස්කාරය

පොහොය වැදගත්කම, බොදු බැති ගී, එම ගී පිළිබඳ විස්තර, ශ්‍රවකයාට පැරණි බොදු ගී සමීප කරවීම. බුද්ධාලම්භන ප්‍රීතිය වැඩි කරවීම සහ සයිබර් රේඩියෝ ඉස්මත්ත ලෙස, සයිබර් රේඩියෝවේ ජනතාව යහගුණයට පුරුදු කරවන පෙර ගමන් කරුවෙකු වීම අරමුණු කොට නිර්මාණය වන්නකි.



සියලු ආගම් කෙරෙහි අපි සමානතාවයක් දක්වමින්, නත්තල් දිනය පුරාම අප නත්තලත් සමඟ අප ශ්‍රාවකයන් දැනුවත් කළ බවද, ඔවුන් ට වින්දනීය දිනක් ලබාදුන් වගම මේ අතරම සතුටින් දන්වා සිටිමු.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 comments

  1. මේක මාර ගති කුරුළු.!
    සුභ පැතුම් බස් රේඩියෝවට..!

    ReplyDelete
  2. ආත්තමයි සිරා වඇඩසටහනක්

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top