Tuesday, January 1, 2013

♪♫♪BUZZ RADIO♪♫♪ නත්තල් සහ දෙසැම්බර් 31

බස් රේඩියෝවේ අපි ලොව සියලු සිංහල කිතුණු බැතිමතුන් වෙනුවෙන් නත්තල් දවස පුරාම, විශේෂ වැඩසටහන් පෙළක් සංවිධානය කළයුතුයැයි වූ හදිසි යෝජනාවෙන් අපි ඉතා ඉක්මනින් වැඩ සටහන් නිර්මාණයට උත්සාහ ගත්තා. එහිදි අපි වසරේ දිගම විකාශය ලෙස පැය හතකට කිට්ටු කාලයක් එකම නිවේදිකාවෙක් විසින් වැඩසටහන මෙහෙය වනු ලැබුවා. එහි ගෞරවය හිමි වන්නේ අප බස් රේඩියෝ පවුලේ අයේෂා දිල්හානි ට. එහිදී අප පැවැත්වූ Facebook Ride වැඩසටහන, විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගනිමින්, ඉහළටම පැමිණියා.

විශාල ප්‍රේක්ෂක ඉල්ලීම මත 31 වන දින දවස පුරාම අපි වැඩසටහන් මාලාවක් විධිමත්ව නිර්මාණය කළේ, 25 වෙනි දා ලද ප්‍රමෝදය නිසාමයි.




අපි උදේ 10 සිට රෑ 1 දක්වා වැඩසටහන් නිශ්පාදනය කරනු ලැබුවා..ඒ වැඩසටහන් වලට විශේෂ අරමුණක් අපි ලබා දුන්නා...



හදවතයි ලෝකයයි

වසරකින් වසරකට පිය නැගීමේදී ලෝකය තුළ සිදුවූ විශේෂ සිදුවීම් සහ ලංකාව තුළ වූ විශේෂ සිදුවීම් වලින් ප්‍රේක්ෂකයා දැනුවත් කිරීම සහ නව ලෝකය වෙත නව අවුරුද්දේ සැකසිය යුතු අයුරු පැහැදිලි කිරීම. වින්දනීබ පැය දෙකක් ශ්‍රාවකයාට ඒ අතර ලබාදීම.

නෙරංජි (නීනු)





හෙටට කලින්

වසරක් අවසන දී එළියට එන ලිත සහ ලග්න පලාපල විග්‍රහය සහ විචාරය කරම්න් ශ්‍රාවකයාගේ ධනාත්මක ආකල්ප හා චින්තනය වර්ධනයට රුකුලක් දීම. උදාවෙන වසරේදී, සැලසුම් විය යුතු අන්දම හා ක්‍රියාත්මක විය යුතු අයුරු පැහැදිලි කිරීම. දහවල ශ්‍රාවකයාගේ මනස නිවීමට ගී පෙළක් ලබා දීම අරමුණ විය.

නෙරංජි (නීනු)


Buzz Radio Hot Choize

නිතිපතා පැවෙත්වෙන වැඩ සටහන 31 වෙනිදා විකාශය ලෙස විශේෂයෙන් පැවැත් වූ අතර පැය දෙකකින් සියලු ගීත ඉල්ලීම් ලබා දෙන ලදි.

අයේෂා (අයිස්)



රංග මියැසිය

නාට්‍ය කලාව පිළිබඳ විවරණයකින් අනතුරුව 2013 වසරේ ආරම්භවීමට නියමිත වැඩසටහනකට පුරෝකථනයක් දෙමින් පවත්වන ලද මෙම වැඩ සටහන, නාට්‍ය ගීත මූලික වූවකි. මෙම දිනයේ මෙම වැඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ, ශ්‍රවකයා මෙවන් වැඩසටහන් හිඟ කාලයක ශ්‍රවණය සඳහා පොළඹවා ගැනීමද අපහසු කාර්යයක් වීමයි..



උෂාන් ( අන්තිමයා)



කුරුළුත් එක්ක ආදරෙන්

මේ වැඩසටහන් 2013 වසරේ ආරම්භ වීමට නියමිත වැඩසටහන් පිළිබඳ ශ්‍රාවකයන් දැනුවත් කිරීම වෙනුවෙන්, සැකසුණු එකකි. එනිසා එය විශේෂ සම්මන්ත්‍රණය ලෙස හැඳින් වූ අතර, වැඩ සටහන ගැන පුරෝකථනයක් ද, උචිත ගී ගොන්නක් ද ලබා දෙමින්, ශ්‍රාවක වාර්තාවක් ද තැබූ වග සතුටින් දැනුම් දෙමු.

එම වැඩසටහන ඔබට ශ්‍රවණය කිරීමට නොහැකි වූවා නම්, ඔබට අවස්ථාව දෙන්න අපි සූදානම්



මයුර (කුරුළු)



Facebook Ride

සියලු දෙනාගෙ ඉල්ලීමෙන්, 25 වෙනිදා ලෙසම 31 වෙනිදා ද මුල් කාලීන Buzz පැදිල්ල සිහි ගන්වමන් Facebook Ride ක්‍රියාත්මක වූ අතර, එකම Status එකට ශ්‍රාවකයන් දැමූ Comments ආශ්‍රය කොට ගෙන , මුල් ගීත 30 ලබා දෙන ලදි. ඉහල ප්‍රතිචාර මත මෙය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට කණ්ඩායම දැනට කටයුතු යොදා ඇත.

අයේෂා (අයිස්)




RISE UP 2013

රාත්‍රිය පුරාම ලස්සන ගීත ගොන්නක් ලබා දෙමින්, නව වසරේ, දී ඔබ සමඟ රැඳී සිටි අප, ඉන් අනතුරුව, එනම් නව වසර උදාවේද, පැයක් පුරා ගීත ඉල්ලීම් ලබා දෙමින්, උදේ 10 සිට පැවති විකාශය පසුදින උදෑසන 1 ට නිමා කළෙමු. ඒ සියල්ලෙන් ම ශ්‍රාවක ඔබ ප්‍රමෝදයට පත් වූ බව අපි දනිමු.

ශානක සහ අෂාන්
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top