Friday, March 15, 2013

♪♫♪♫♪ Buzz Radio ♪♫♪♫♪ අද පටන් HQ වූ වගයි.

සුබ උදෑසනක්, දයාබර රසිකයනි... ජීවිතය තිබෙන්නේ ජීවත් වෙන්නටය.... අතීතයට වඩා වැදගත් වර්තමානය නොවේද?..ඒ වර්තමානය අනාගතයේ අතීතය නිර්මාණය කරන බැවිනි...එහෙයින් වර්තමානයට පැමිණෙන්න.. 

අද උදෑසන, බොහෝවිට ඔබට තවත් උදෑසනක් පමණක් වේ යැයි ඔබට සිතෙන්නට පුළුවන.. එහෙත් බස් රේඩියෝ අපිට අද ඉතාම සුවිශේෂයි. අප සමඟ රැඳෙන ඔබටත් එය අද පටන් සදහටම සුවිශේෂ වේවි.. අපි නව ආරක තාරුණ්‍ය රසවින්දනයක් ඔබට පුදන්නට සැරසී සිටිමු.

පසුගිය වසර දෙක පුරා අපි රසවින්දනය තුලින් අන්තර්ජාලය දිග්විජය කළෙමු.  ඔබේ දෙසවන් හී ස්මුතිය උදෙසා තව තවත් එය වැඩිදියුණු කිරීම අපේ පරම යුතුකමක් ලෙස අපි වටහා ගතිමු. ඉතින් රුවෙන් ගුණයෙන් මෙන්ම හැඩයෙන්ද නවමු වැඩසටහන් පෙළක් ඔබ වෙත ලබාදෙන දීර්ඝ කාලීන මෙහෙවර ගමනක තවත් එක මංසලකුණක් අප අද උදෑසන පසු කළෙමු. 



මෙතෙක් කාලයක් ඔබේ ප්‍රියතම ගී රැගෙන කිලෝබිට් හතළිස් අටක ප්‍රවාහයෙන් ඔබ සමීපයට පැමිණි ඔබේම බස් රේඩියෝව අද පටන් කිලෝබිට් හැට හතරෙන් ඔබ වෙත සමීප වන වග මෙසේ හදපිරි සතුටින් දන්වා සිටින්නට අපි කැමැත්තෙමු. 

එදා කනිෂ්ක සොයුරාගේ ගෙ වියුණු සටහනක ඔන්ලයින් රේඩියෝ නිර්මාණය ගැන ලිපියක් පළ වුණා ඔබට මතක යැයි සිතමි. එකල ගූගල් ආයතනය විසින් හඳුන්වා දුන් Buzz සේවාවෙන් එකමුතු වුණු බ්ලොග් සුමිතුරෝ සහ Facebook යහළුවෝ ඔන්ලයින්  රේඩියෝවක් ආරම්භ කරන ලදි. අද වනවිට ඔවුන් පැමිණි දුර ඉතාම ප්‍රීතිමත් ය. දැන් ඔවුන් අපි බවට පත්ව හමාරය. මේ බස් රේඩියෝව අපි සියල්ලන්ගේමය..

Buzz යන්නේ අරුත නම් එකතු වීමය.. මී මැස්සන් සේ එකතු වීමයි..මුතු සේ එකමුතු වීමය.. 

එය සනාථ කරමින්, නැගීම් බැසීම් අතර එකටම රැඳුණ මිතුරු ශක්තිය එන්න එන්නම වැඩිවූවා මිස අඩුවුයේ නැත. ඒ නිසෙමය අද බස් රේඩියෝ මේ තරම් තදින් ඔබේ හදවතේ ලෙංගතු කම මුසුව ලැඟුම් ගෙන ඇත්තේ.. 

ඔබ දැනුවත් විය යුතු ප්‍රබලම කරුණ නම් මිතුරු ශක්තියෙන් පවත්වාගෙන යන ඔබේ බස් රේඩියෝව, කිසිදින වාණිජකරණය වී නැති වගයි..අපි සමාජයට ආදරය බෙදන්නට කැපවුණ රේඩියෝවක් බව නුඹ සිහියේ තබා ගත යුතුය.. නුඹගේ දුකේදී නුඹේ සැපේදී නුඹ ළඟ සිටිනා දඟකාර තාරුණ්‍යයේ අග්‍රගන්‍ය සොහොයුරෙක් බව අප ගැන කතා කරන විටදී ඔබ මතක තබා ගත යුත්තේය.

අපි සර්ව ආගමික වන්නෙමු. සර්ව භෞමික වන්නෙමු... අපේ කණ්ඩායම ලොව පුරාම සිටිමින් සිංහල භාෂාවෙන් ලෝකය අමතන්නට කැපවී සිටියි...

ඔන්ලයින් ජන සමාජයේ සිංහල ප්‍රචලිත නොවූ යුගයක ඔබ වෙත පැමිණි අප, අද වන විට සිංහල භාෂාව අන්තර්ජාලයේ ඉහළ තැනක වැජඹෙද්දීත් පහළ නොබැසි එකම හේතුව, ශ්‍රාවක ඔබේ ආශ්ර්වාදයම නොවේද?

එකම වර්චුවල් මැදිරියක සිට ඔබට සතුට බෙදන අපි ඔබ සමඟ හදවතින් එක් තැන්ව සවනින් රූප මවන සෞන්දර්ය වාදියෝ වෙමු.. නිර්ව්‍යාජ ඇඩ් කලාවකින් ... රසවින්දනය බෙදා හරින්නෙමු.. කිසිදින වාණිජකරණය නොවන්නෙමු.. අදේශපාලනික වන්නෙමු. බ්ලොග් අවකාශයෙත්, Facebook හි ත්, සිංහලෙන් හිතන ජනයා ගැවසෙන සයිබර් අවකාශයේත්, නිල මාධ්‍ය අවකාශය ලෙස දැනටමත් ඔබ බස් රේඩියෝ පිළිගෙන අවසන්ය. 

අපි ඔබට ස්තූතියි නොකියමු. මන්දයත් අපි අපිට ස්තූති කර නොගන්නා බැවිනි.... ඒ ඔබත් මමත් අප වන බැවිනි..  
මේ අපේ රේඩියෝවයි.  ආදරණීය බස් රේඩියෝවයි.. 






Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

4 comments

  1. තවත් දිගුගමනකට ආසිරි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. අද ගෙදර නිසා ලොග් වෙන්න බෑ, ඒකයි මේ ඇනෝ.

    සුභ පැතුම්!

    මේක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් අහන්න පුලුවන් ක්‍රමේ කියන්ටෝ.

    ඉන්දික උපශාන්ත.

    ReplyDelete
  3. http://chat.buzzradio.lk/old/buzzradiolk.apk

    මෙන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලබාගන්න

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top