කාලෝ ෆොන්සෙකා මහත්තයා ගෙ අභියෝගෙ ජෝතීර්වේදින් බාර නොගැනීම සාධාරණයි.
මිනිස් කම හිතන්න ගිහින් ශාස්ත්‍රයට අගෞරව කරන්න බැරි නිසා, ජෝඩුවකගෙ කේන්දර ගැළපෙන්නෙ නැත්තං මූණටම කියනවා.
ගුවන් සැරියක තිබෙන යානයක දරුවෙක් ඉපදුණොත් ඒ දරුවට කේන්දරයක් හදන්න බැහැ.
පැනලා ගිය ජෝඩු හොඳින් ඉන්නකොට කේන්දර බලලා බැන්ද ජෝඩු වල පවුල් අවුල් වෙන්නත් පුළුවන්.
සමහර කේන්දර ජෝතිෂ්‍ය වේදියාගෙ ඇස වැදගත් කරුණු වලින් සඟවනවා...
හැබැයි ඔබ මොන දේ කිව්වත්, ජෝතිෂ්‍යෙව්දයෙක්ට තමන්ගෙ කේන්දරේ බලා ගන්න එක නම් ප්‍රායෝගික නෑ.
ඒත් මතක ඇතුව කඩදාසි ලිපේ දාලානම් කේන්දර බලන්න එන්න එපා...
ඊයෙ ජෝති අයියා කේනදර ගැන මා ආ මගෙන් කතා කළ බව දැනටමත්
ඔයා දන්නවා ඇති.ජෝති කියලා කියන්නෙ, ජෝතිෂ ලංකා බ්ලොග් අඩවිය ලියන වෘත්තියෙන් ජෝතිර්වේදියෙක් වන චන්දන ප්‍රභාත් මහතාට. ඉතින් අපි අහපු ප්‍රශ්න වලට ඔහු උත්තර දුන්නා වගේම, බොහොම උණුසුම් සංවාදයක් දැක ගන්න පුළුවන් කම ලැබුණා චැට් එකට ආපු හිතවතුන්ට.
අපි වරක් ඇහුවත් ඒ සජීවී ගුවන් විදුලි වියමන අහපු නාහපු ඔබට යළි අහන්න දෙන්න සූදානම්!!
මෙන්න මෙතනින්..
Monday, September 23, 2013
අපි නම් ඇහුවා.. ඔයත් අහන්න 22-09-2013
Related Posts
මහ වෙදනා සමඟ මා ආ මග අහන්න...
07/10/2013 - 1 Comments
ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද?
30/09/2013 - 2 Comments
ළඟදි කේන්දරේ බලා ගත්තාද?
20/09/2013 - 4 Comments
0 comments