Saturday, February 1, 2014

expire වීමට ප්‍රථම යළිත් මා ආ මග

මුලින්ම සමාව ඉල්ලනවා, මා ආ මග හිතවතුන්ගෙන්, අපේ දිගම දිග නිහැඬියාවට. කාර්ය බුහුල කම නිසා තමන් ආ මග ගැන කට්ටියටම වගත්වත් නැති වුණා පහු ගිය දෙමාසෙ. ඒ විතරක් නෙවෙයි ඉතින්, සාද පිට සාද වලින් සයිබර් අවකාශෙත් පිරිලා ගිය නිසා, ඒවා ගැන හිතන්ට බැරි වුණා.

ඔබ ජීවත් වෙන්න ආහාර ගන්න කෙනෙක්ද? ආහාර ගන්න ජීවත් වෙන කෙනෙක්ද? ඔබ ඔය කවුරු වුණත්, ආහාර කියන්නෙ අවශ්‍යම දෙයක්. අපි මෙවර කතා කරන්නෙ ආහාර වල තත්ව පාලනය ගැන. 

මොකද්ද කල් ඉකුත්වීමේ දිනය කියන්නෙ ? ඒ දවසට හරියටම ආහාරය නරක්වෙනවද ?  හලාල් සහතිකකරනය කියන්නෙ මොකද්ද ? මේ දිනවල නිතර දෙවේලේ ජනමාධ්‍ය ඔස්සේ අපි දකිනව පරිභෝජනයට නුසුදුසු ආහාර නීති විරෝධීව සකසන වෙලෙන්දන් ගැන. වෙලඳපලින් සැකසූ ආහාර මිලදීගැනීමේදී අපි මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද?


තත්ව පාලනය (කොලිටි කොන්ට්‍රෝල්) සහ තත්ව සංරක්ශනය (කොලිටි ඇශුවරන්ස්), මේ දෙකම එකක්ද නැත්තං දෙකක්ද ? ආහාර සැකසීම සහ ආහාර පරිරක්ෂණය කියන්නෙ මොනවද ? ආහාර නිශ්පාදනය සහ සැකසීමත් එක්ක එකටම කියවෙන HACCP සහතික කරනය කියන්නෙ මොකද්ද ? ආහාර නිශ්පාදනය සහ සැකසීම සම්බන්ධ සහතික කරන තියනවද HACCP එකට අමතරව ? ආහාර නිශ්පාදනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්‍යභාරය මොකද්ද?  මොකද්ද මේ කාබනික සහතිකකරණය එහෙම නැත්තං ඕගැනික් සෙටිෆිකේශන් එක කියන්නෙ ?
යම් සැකසූ ආහාරයක් ආනයනය කිරීමේදී හා අපනයනය කිරීමේදී බලපවත්නා යම් ක්‍රමවේදයන් තිබෙනවාද ? එහෙනම් ඒ මොනවාද ? ආහාර නිශ්පාදන ආනයන අපනයන කිරීම් සදහා GSP+ සහනයේ බලපෑමක් තියෙනවාද? 

මේ හැම දෙයක්ම සමඟ ඔබට තියෙන හැම ආහාර තත්ව පාලන සම්බන්ධ ගැටලුවකටම පිළිතුරු දෙන්න සූදානමක් තියෙනවා. මෙච්චර දෙයක් කතා කරන්න මෙවර බස් රේඩියෝ ව මා ආ මගට ගෙන්වන්නෙ කාවද?

ඒ තමයි ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයයේ ධීවර හා නාවුක විද්‍යා බී එස් සී උපාධිය හිමි, දැනට ආහාර නිශ්පාදන සැකසීම, නිශ්පාදනය, ආනයනය සහ අපනයනය පිළිබඳව කටයුතු කරන, දුලිප් සිකුරාජපති මහතා..

දැනුවත් වීම පිණිස හිඳගන්න... මේ ඔබේ බස් රේඩියෝ මා ආ මග.. මේ ඉරිදා සුපුරුදු රෑ 8 ට.. එක්වන්න..

http://www.buzzradio.lk/
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top