Friday, April 18, 2014

සයිබර් සිහින සැණකෙළියට තව දින දෙකයි.

මෙම ඉරිදා උදෑසන 9 ට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ දිග හැරෙන, සයිබර් සිහින බක්මහ උලෙළ පිළිබඳව සියලු තොරතුරු මේ වන විටත් ඔබ දන්නවා. මෙවරද ඒ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දීමට බස් රේඩියෝ ඉදිරිපත් වන්නේ හද පිරි සතුටිනි. 

තවද මෙම කටයුත්ත සඳහා ප්‍රධාන මූල්‍ය අනුග්‍රහකත්වය ලබා දෙනු ලබන්නේ Oceanic Games ආයතනයයි. 


මේ වන විට ලියාපදිංචි වීමේ ප්‍රධාන ඔන්ලයින් පෝරමය අක්‍රීය කර ඇති අතර, මෙතෙක් ලියාපදිචි වූවන් සඳහා පමණක් එදින දොරටුවේදී සමරු තිළීණය ලැබෙන බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කර ඇත. එහෙත් එදින උදෑසන 8.30 සිට උදෑසන 11.00 දක්වා පැමිණ ලියාපදිංචි වී සයිබර් සිහින උළෙලට ඔබට සම්බන්ධ විය හැකි බවද සතුටින් දැනුම් දෙමු.

එදින පැවැත්වෙන ක්‍රීඩා අතර, සයිබර් සිහින කුමරා සහ කුමරිය ඇතුළු වෙනදා පැවැත්වුණු සියලු තරඟද, අලුතින් හඳුන්වා දෙන නවමු තරඟද පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසා ඇත. 
මෙම උත්සවය පිළිබඳ තව දුරටත් ඔබව දැනුවත් කෙරෙන වැඩසටහනක් 19 වන සෙනසුරාදා රාත්‍රී 8 ට බස් රේඩියෝවෙන් සජීවීව විකාශය වීමට නියමිත බවද දැනුම් දෙමු. ආහාර පාන සඳහා වෙන් වන ටිකට් පත සඳහා රුපියල් 200 ක මුදලක් අය වන අතර, එය අපතේ යාමක් නොයනු ඇති බව, අවකාශයෙන් මිහිමතට මිතු දම රැගෙන එන බ්ලොග් අවකාශයේ 2014 සයිබර් සිහින බක්මහ උළෙලේ සංවිධායක මඬුල්ල පවසා ඇත. 


පැමිණීමේ ආකාරය

1. මරදානේ දුම්රිය ස්ථානයේ  සිට 171 බසයක නැගී, විදේශ සේවා අසලට ටිකට් පත මිලට ගන්න. පිට්ටනිය ළඟින්ම බැසිය හැක.
2. කොටුව දුම්රිය ස්ථානයේ සිට 171 බසයක නැගී, විදේශ සේවා අසලට ටිකට් පත මිලට ගන්න. පිට්ටනිය ළඟින්ම බැසිය හැක.
3. කොල්ලුපිටියේ සිට 177 බසයක නැගී කොස්වත්ත රෝහල ළඟින් බැස 171 බසයක නැගී විදේශ සේවා අසලට පැමිණීමෙන් හෝ බත්තරමුල්ලෙන් බැස 174 ක නැගී පැලවත්තට පැමිණීමෙන් පිට්ටනිය ඉදිරියෙන්ම බැසිය හැකිය.
4. මහනුවර - පානදුර මාර්ග අංක දරණ ඕනෑම බසයක පැමිණ අලුත් කොළඹ නුවර පාරේ කොස්වත්ත මංසන්ධියෙන් බැස පෙර කී ලෙස 171 බසයක විදේශ සේවා අසලට පැමිණිය හැකිය.
5. දෙහිවල සිට 163 හරහා එක බසයේම විදේශ සේවා අසලට පැමිණිය හැකි වුවද, ගමනානන්තය පිට්ටනියට හෝල්ට් එකකට කලින් බවර වන බව කරුණාවෙන් සලකන්න.
7. පන්නිපිටිය දුම්රිය ස්ථානයේ සිට 174 බසයේ පැලවත්තට පැමිණීමෙන්ද පිට්ටනියට පැමිණිය හැක. 
8. හෝමගම, මහරගම ආදී අයටද කොටිටාවට පැමිණ 174 හරහා පැමීණීම පහසුය.
9. බොරැල්ලට පැමිණෙන අයට 174 හෝ 171 යන බස් අංක හරහා පැමිණිය හැකිය.

විශේෂයි - ඉරිදා දිනයක් වන බැවින් බස් යම් හෙයකින් අඩු මට්ටමක් පැවතියහොත් , 170 , 171 , 190 , 177 , 17 ආදී ඕනෑම බසයක පැමිණ කොස්වත්ත මන්සංධියේ රෝහල අසලින් බැස ත්‍රී රෝද රියකින් පැමිණිය හැකිය. කිලෝමීටරයක් රුපියල් 50 යි.


තම කමන්ගේ වාහන වලින් එන අය සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇති අතර, මාර්ගය සොයා ගැනීම සඳහා පහසුම මං සලකුණු ලෙස, පාරිලිමේන්තුව, ජනකලා කේන්ද්‍රය, විදේශ සේවා නියුක්ති කාර්යංශ ප්‍රධාන ස්ථානය ආදිය භාවිතා කළ හැකිය. 

පිට්ටනිය පෙනෙන අයුරු.



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. aiyo ehema karanna epa.samaru thiline matath ona.man kara rajakariyath ekka liya padinchi une naththe.ena eka sure nathi nisa.eka nisa samaru thiline mata onooooooooooo

      http://manasindiviyata.blogspot.com/2014/04/blog-post.html#

      Delete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top