Sunday, June 1, 2014

ආලෝක පින්තාරු - ලංකාවේ ප්‍රථම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශණය







ශ්‍රී ලංකාවේ සම්මානනීය ඡායාරූප ශිල්පියෙක්‌ මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ සහ දෘශ්‍ය කලා අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක්‌ වශයෙන් කටයුතු කරන ඉන්ද්‍රනාත තේනුවර මහතා විසින් ලංකාවේ ප්‍රථම වතාවට විදුලි පන්දම් මගින් ආලෝකවත් කරන ලද ජයාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම්කොට තිබේ.

මෙම ප්‍රදර්ශනය එළඹෙන ජුනි මස 13 වැනි දින සවස 4.30 සිට ජුනි මස 16 වන දින සවස 6.00 දක්‌වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ, ඡේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනු ඇත. 
ඒ සඳහා ඡායාරූපකරණය පිලිබඳ උනන්දුවන සැමට අප ආරාධනා කරන්නෙමු.
මෙම ජායාරූප ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වය පිළිබඳව ඉන්ද්‍රනාත තේනුවර මහතා පවසන්නේ මෙවැන්නකි. 

"මෙය ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, පෞරාණික සහ ඓතිහාසික ස්‌ථාන කිහිපයක ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීමක්‌ ලෙසටයි නම් කර තිබෙන්නේ. මෙම සියලුම ස්‌ථාන, ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, දැනට ලෝකයේ ඇති එකම සහ ප්‍රථම ඡායාරූප එකතුව මෙම ප්‍රදර්ශනයේ ඇති ඡායාරූප පමණක්‌ වීමයි.

තව දුරටත් පැහැදිලි කළොත් හිස්‌ අවකාශය තුළ විදුලි පන්දම් (ටෝච්) එළිය පාදක කරගනිමින් පින්තාරු කළ ඡායාරූප කොටසින් කොටස ගෙන එකට එකතු කර ඡායාරූපය නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු විසින්, ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන ප්‍රථම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය මෙය වීමයි."

1 2 3 4

එම ජායාරූප නිර්මාණය කිරීම අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින් බලන්න 

1 2 3 4 5 6 7 8


මුල් ලිපිය -  http://nethfm.com/article/15562
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top