Friday, September 20, 2013

ළඟදි කේන්දරේ බලා ගත්තාද?

නවීන ලෝකයේ ජීවත් වෙන ගොඩක් දෙනා ජෝතීෂ්‍ය එළිපිටම ප්‍රතික්ෂේප කරනවා. 
මේ ගැටලුවට සාධාරණ හේතුවක් දෙන්න ඔහු සමත් වේවිද?

ඉස්සර ජෝතිෂ්‍යයි දැන් ජෝතිෂ්‍යයි කියලා වර්ග දෙකක් තියෙනවාද? 
ජෝතිෂ්‍ය ආරම්භ වෙන්නෙ කොතනින්ද? 
එකිනෙකා බොරු කියා ගන්නවා කියලා තම තමන්ම චෝදනා නගා ගන්න මේ වෘත්තියෙ ,
හරියටම ඇත්ත කියන කෙනාව සාමාන්‍ය මිනිස්සු වෙච්චි අපි හොයා ගන්නෙ කොහොමද?

අති දක්ෂයි කියලා රට සුපතළ ජෝතිෂ්‍ය වේදීන්  කියපු අනාවැකි පවා වරදින්නෙ ඇයි?

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අහඹු දහ දෙනෙක් තෝරලා  ඔවුන්ගෙ කේන්දර බලලා.. ඒ අයගෙ ජීවන තොරතුරු කියන්න අභියෝග කරපු වෙලාවේ, ඒක බාර ගන්න දහස් ගාණක් ජෝතිෂ්‍යෙව්දියො ඉන්න රටේ එක්කෙනෙක් වත් නැති වුණේ 
වැඩ බැරි නිසාද? ජෝතිෂ්‍ය බොරු නිසාද?

කේන්දර බලන්න යන අය නොකළ යුතුම දේවල් මොනවාද?
ඇත්තටම මොකක්ද මේ ජෝතිෂ්‍ය කියන්නෙ?

මේ ප්‍රශ්න වගේම තව ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා.
 ඒවා ඔක්කොම අහන්න සූදානම්  මේ ඉරිදාට..  
ජෝතිෂ ලංකා බ්ලොග් අඩවිය ලියන ජෝති ගෙන්..

වෘත්තියෙන් ජෝතිර්වේදියෙක් වන චන්දන ප්‍රභාත් මහතා හෙවත් ජෝතිට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙයිද කියලා බලන්නයි, ඔයාට තියන ජෝතිෂ්‍ය සම්බන්ධ ප්‍රශ්න අහන්නයි..එදාට සූදානමින් ඉන්න..

උපදින්න වෙලාවක් නැතත්, ඒ දේ සිදුවන මොහොතෙ, ඔරලොසුවෙ කටු දෙක තිබුණ තැන නිසා අපිට ලැබෙන කේන්දරය අපි මැරෙනකම්, අපේ ජීවිතයට එක එක විදිහෙ බලපෑම් ඇති කරන
හින්දාම මේ ඉරිදා රෑ 8.30 වෙද්දි බස් රේඩියෝ ළඟට සම්‍යදෘෂ්ටියෙන් සෙට් වෙන්න..


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

4 comments

  1. (h) සිරා සිරා අපිත් එනවා අහන්ට

    ReplyDelete
  2. ජෝති මටත් සවුට් අවුට් එකක් දීපන්

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top