Monday, October 21, 2013

අපූරු ගමන් මගක සොඳුරු සිතියම දිග හැරියෙමු.

මාධ්‍ය වේදියෙකුගේ ඇසින් ජෝතිෂ්‍ය වේදය දැක තිබුණාද?
රසායන විද්‍යඥයකුගේ ඇසින් හෙල වෙදකම දැක තිබුණාද?
ජෝතිෂ්‍ය වේදියේකුගෙ ඇසින් වෛද්‍ය විද්‍යාව දැක තිබුණාද?
මැෂින් කාර්මික වරයකුගේ ඇසින් ක්‍රෙඩිට් කාඩ් දැක තිබුණාද?

අපිට නම් ඒ සොඳුරු අවස්ථාව දැක ගන්නට ලැබුණා.
ඔබත් අනිවාර්යෙන් එවන් අවස්ථාවක් දැක ගත යුතුම බවයි අපේ අදහස.

මා ආ මග මෙතෙක් කොටස් එකොළහකින් රසවත් කළ කියලුම දෙනා එකම වේදිකාවක අපූරුවට මුණ ගැහැණා.
Online get to gather සංකල්පයට නවමු අරුතක් ලබා දෙමින්
තාක්ෂණයේ මහඟු පල නෙලා ගනිමින් කළ මේ සුන්දර වැඩ සටහනට සයිබර් අවකාශයේ නම ගිය චරිත සහභාගි වුණා.

එක එක විදිහෙ චරිත ලක්ෂණ සහ  එක එක විදිහෙ වෘත්තීන් ගේ එකමුතුවකින්, සුසැදි  මේ සොඳුරු සංවාදය වප් මස 20 වැනි ඉරිදා රැය බොහොම මිහිරි කළා. පුරා පැය හතරකට ආසන්න කාලයක් අප සමඟ රැඳී සිටි සියලුම රසික හිතවතුන්ටත් මෙහිදී අපේ නොමද ආචාරය හිමි වෙනවා.
සියලුම සහෘදයන්ට බස් රේඩියෝ අපේ ස්තූතිය නැවතත් පුද කරනවා. 

අහන්න බැරි වුණා නම් ඒ සොඳුරු සංවාදය එයට පහතින් පිවිසෙන්න.


මා ආ මග නිම නොවේවි. ඔබේ ආශිර්වාදයෙන් තවත් බොහෝ කල් සයිබරයේ අසම සම මිනිසුන්ගේ ජීවන මග එළිය කළ රහස් ඔබ හමුවේ තබමින්, ඔබේ ජීවිතයට ශක්තියක් වෙන්නට, නිහඬ උපදෙස් දෙමින් මා ආ මග සයිබර් සයුර හරහා ගාලා බසීවි.

එක්වන්න ලබන ඉරිදා..රෑ 8.30ට .. අපි තවත් ඔබේම හිතවතෙක් රැගෙන එන්නම්..

-බස් රේඩියෝ අපි-



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top