Saturday, October 26, 2013

The Best of කසුන් කල්හාර ජයවර්ධන


ශ්‍රී ලාංකේය සංගීත කලාවේ නැවුම් මං පෙතක් විවර කරමින් සංගීතයේ නව මානයන් හඳුන්වා දුන්නවුන් අතර සරත් අල්විස් භාතිය සන්තුශ් රංග දසනායක වැනි සංගීතඥයන් ගේ නාමාවලිය අතරට එක් වන යොවුන් නාමයක් ලෙස කසුන් කල්හාර හඳුන්වාදෙන්න පුළුවන්.

ඉන්ද්‍රචාප ලියනගේ හා එක්ව යෞවනට පිදු රැඩිකල් ප්‍රේමය යොවුන් සිත දිනාගන්නේ එහි තිබු නැවුම් සංගීත රටාවන් පද රචනාවන් නිසා යි..

සංගීතයකට ගැයුන ස්වරයක්ම නොව හැඟීම් කැටිකොටගත් ස්වරයන් මිශ්‍රණයෙන් ඔහුගේ සංගීතය රසික ජනතාවගේ හදවත් තුල ජීවත් විය.

සංගීත අධ්‍යක්ෂණයට ඉතා ලාබාල වියේ පිවිසි ඔහු සංගීතවත් පරිසරයක් තුල හැඳී වැඩුනෙකු විය. සිංහල සංගීතයේ නොමැකෙන මතකයන් වන මාලනී බුලත්සිංහල හා ගේ පද රචක H.M.ජයවර්ධනයන් දාව 1981 වසරේ නොවැම්බර් 03 වන දා මෙලොව එලිය දුටු ඔහු ට කුඩා කල සිටම මැණීයන්ගේ ආශිර්වාදය ලැබුනා..
ඇගේ අභාවයත් සමඟින් සංගීත ලෝකයට කසුන් කල්හාර පිවිසෙන්නේ ඔහුගේම සංගීත ලාලිත්‍යයකින්

ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් වු කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය
ඔහුට හැකි වුනා සංගීත ලෝකයේ ඔහුගේම අනන්‍යතාවයක් බිහි කරන්න.

·        හරිත නිම්නයේ (ඇල්බමය) (2001)
·        රැඩිකල් ප්‍රේමය (ඇල්බමය) (2005)
·        රෝමාන්තික ඔපෙරාව (ඇල්බමය) (2008)
කසුන්ගේ ගීත තුල සම්ප්‍රදායිකව සිංහල ගීත ගලාගිය රිද්මය බොහෝ කලකට පසු බිඳ තිබේ. එසේම පණ්ඩිත් අමරදේව, එච්.ආර් ජෝතිපාල, රූකාන්ත ගුනතිලක ගෙන් ඉක්බිතිව ගීතයේ සාහිත්‍යමය වින්දිතයන් වෙත කටහඩ තුලින් පන ලබාදීමට හැකි අයෙකු බිහිවී තිබීම ආශ්වාදජනකය.

යොවුන් සංගීතයේ රැඩිකල් සලකුණ රැඩිකල් ප්‍රේමයේ අන්නතයට යන පාර දෙපැත්තේ පිපුණු මල් වැනි යුවතින්ට මල් මිටක් තියා සඳ මිතුරියට අතවන්නා ඔහු කසුන් කල්හාර ජයවර්ධන බස් රේඩියෝ ද බෙස්ට් ඔෆ් වේදිකාවට ගොඩවන වගයි


මේ එම වැඩසටහනේ පූර්විකාවයි
Play Music - Download Audio - The Best of Kasun Kalhara In...
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. කසුන් අයියා නම් මාර දක්ෂයෙක්

    ReplyDelete
  2. කසුන් ලංකාවේ අංක එක

    ReplyDelete
  3. කසුන් ලංකාවේ අංක එක

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top