Monday, October 14, 2013

BuzzRadio BollyShow OldHitz Season 2





Download Music - Play Audio - BuzzRadioBollyShowOldHitzSea...



Yeh Vaada Raha – Tu Tu Hi Wahi (http://www.youtube.com/watch?v=gKtVSKAP6cg)

ගායනය - ආශා බෝස්ලේ / ක්‍රිෂෝර් කුමාර්
චිත්‍රපටය  -Yeh Vaada Raha
වර්ශය - 1982 අප්‍රේල් 9
රඟපෑම්- රිශී කපූර්, ශම්මි කපූර්, ජෙයා බාහ්දූරී සහ ටීනා මූනිම්
අධ්‍යක්ෂණය - කපීල් කපූර්
නිශ්පාදනය - රමේෂ් බේහ්ල්
සංගීතය - රාහුල් දේව් බර්මන්

ඒ ඔබම තමා 
හදවතින්ම මගේ කියූ 
ඔබ කොහිද මා ද එතනයි 
දැන් මා ජීවත් වන්නෙ ඔබ වෙනු‍වෙනුයි
මෙලෙසින් පොරොන්දු වන්නේමී
අප කවදාවත් වෙන් නොවේ කියා.

Madhumathi - Ghari Ghari Mora (http://www.youtube.com/watch?v=awWXbnSLZSI)

ගායනය - ලතා මංගේෂ්කාර්
චිත්‍රපටය  - මධුමතී
වර්ශය - 1958
රඟපෑම්- දිලීප් කුමාර්, වෛජ්‍යන්තිමාලා, ජොනී වෝකර් [අලුත් කෙනා නෙවෙයි පරණ කෙනා]
අධ්‍යක්ෂණය - බිමල් රෝයි
නිශ්පාදනය -  බිමල් රෝයි
සංගීතය - සලීල් චෞද්‍රි
මා ගේ හදවත වේගයෙන් ගැහෙයි
වේගයෙන් ගැහෙයි ඇයි එහෙම ගැහෙන්නේ
අප හමුවන බැවිනුයි එසේ වනුයේ
වේල් පටින් සැඟවී කිම දෝ
මුළු ජීවිතේ පුරා මා බලා සිටියා මේ සැඳෑව එළඹෙනා තුරු
මා ඔහු තුරුළේ මිය යාවීදෝ
අද නම් මා ඔහු තුරුළේ සැඟවී යාදෝ
ආදරයෙන් අද මා පිරී ඉතිරී යාවී
ඉදින් මගේ හදවත ඇයි මෙසේ වේගයෙන් ගැහෙන්නේ

Taj Mahal - Jo Baat Tujhme (http://www.youtube.com/watch?v=U5kuatik-tM)

ගායනය - මොහොමඩ් රාෆී
චිත්‍රපටය  - තාජ් මහ්ල්
වර්ශය - 1963
රඟපෑම්- ප්‍රදීප් කුමාර්, බීනා රායි
අධ්‍යක්ෂණය - එම්. සිද්ධීක්
නිශ්පාදනය -  ඒ.කේ. නදියාවාලා
සංගීතය - රෝෂන්

ඔබ කෙරෙන් දිලෙනා යම් කිසිවක්
මේ ඇඳී සිතුවමේ නොදිලේ
මේ පැහැයන් ඔබේ නොවේ
උණුසුම් සුසුමන් ඒ සුඟන්ධන් ඔබෙන් හමන්නා
මේ ඇඳි සිතුවම තුල නොවේ

Sharmili - Khilte Hain Gul Yahaan (http://www.youtube.com/watch?v=HBgKPyi1aXA)

ගායනය - කිශෝර් කුමාර්
චිත්‍රපටය  - ශර්මීලී
වර්ශය - 1971
රඟපෑම්- ශශී කපූර්, රාඛී ගුල්සාර්
අධ්‍යක්ෂණය - සමීර් ගංගුලි
නිශ්පාදනය - ප්‍රභෝද් මුඛර්ජි, සුභෝද් මුඛර්ජි  
සංගීතය - සචින් දේව් බර්මන්
කුසුමන් ,මෙහි ද පිපෙනු ඇත  පිපෙන්නට ඉඩ දුන හොත්
මෙහි දී හදවත් ද මුණ ගැසෙන ඇත හමුවන්නට ඉඩ දුන හොත්
හෙටක් තිබිය හො නොතිබිය හැක මේ ආදර සෘතුවයි
හෙට දිනය ද එලඹීමට හැකිව හෝ නොහැකිව තිබේ මන් ද මේ අප දෙදෙනාගේ මොහොතයි  

Hum Kisi Se Kum Nahin - Kiya Hua Tera Wada (ori - http://www.youtube.com/watch?v=q6KmfQYgS58)


ගායනය - මොහොමඩ් රාෆී
චිත්‍රපටය  - Hum Kisi Se Kum Nahin
වර්ශය - 1977
රඟපෑම්- රිශී කපූර්, තාරික්, කාජල් කිරන්
අධ්‍යක්ෂණය - නසීර් හුසේන්
නිශ්පාදනය - නසීර් හුසේන්
සංගීතය - රාහුල් දේව් බර්මන්
කුමක් නම් වුනි ද ඔබේ පොරොන්දුවට ඔබේ දිව්රුමට
හදවතින් ම ඔබ පැවසූ ඒ දිනයේ
ඒ දවස ජීවිතේ අවසාන දිනය වූවත්
මතකයි මට ඔබ පැවසූවා
ඔබ වලකාලීමට නොහැකි බවක්
හදවතින්ම දෑතින් අල්ලා මා හමුවීමට  එනබව කීයූ
කඩනොකරමී  එය කුමක් වුවත් කියා…..
ලැජ්ජාවිය යුතුය ඔබ
ඒ අමතක කල ඔබ වැරදිය


Saathi -  Mera Pyar Bhi Tu (http://www.youtube.com/watch?v=P19QE9BuWts)

ගායනය - මුකේෂ් බාබු
චිත්‍රපටය  - සාති
වර්ශය - 1968
රඟපෑම්- වෛජ්‍යන්තිමාලා, සිමී අග්‍රාවාල්, රාජේන්ද්‍ර කුමාර්
අධ්‍යක්ෂණය - සී.වී. ශ්‍රීධර්
නිශ්පාදනය - වීනස් චිත්‍රපට සමාගම වෙනුවෙන් එස්. ක්‍රිශ්ණමූර්ති
සංගීතය - රාහුල් දේව් බර්මන්
පද රචනය -  මජෲ සුල්තානාපූරි/ ශකීල් බාද්‍යුනී

[මේ චිත්‍රපටය 1961 ඉන්දියාවේ තිරගත වූ දෙමලචිත්‍රපටයක හින්දි නිපයුමක්,"ඒ.භිම්සිංග්" අධ්‍යක්ෂනය කල මේ දෙමල චිත්‍රපටයේ නම "පලම් පසාමම්", එහි රඟපෑවේ ශිවාජි ගනේශන්, සරෝජා දේවි සමඟ සෝකාර් ජානකී]

මාගේ ප්‍රේමය නුඹයි
මේ උයනේ පිපි කුසුමන් ද නුඹයි
මාගේ දසුනින් ඉවත නොයනු මැනේ
මා දෑසේම හිඳිනු මැනේ


Miss Marry - O Raatha Ke (http://www.youtube.com/watch?v=rUAEFAXcVFg)

ගායනය - ලතා මංජේශ්කාර්, මොහමඩ් රාෆි
චිත්‍රපටය  - මිස් මේරි
වර්ශය - 1957
රඟපෑම්- මීනා කුමාරි, ජෙමිනි ගනේෂන්, ක්‍රිෂෝර් කුමාර්
අධ්‍යක්ෂණය - එල්. වී. ප්‍රසාද්
නිශ්පාදනය - එල්.වී. මෙයියප්පන්
සංගීතය - හේමන්ත් මුඛර්ජී
පද රචනය - රජින්දර් කිශන්

ඕ රාත්‍රිය පුරා ගමන් ගන්නා සඳුවතිය මොහොතකට නැවතී මට සවන් දෙන්න
ඔබවත් මට පවසන්න මේ ලෙස දඬුවම් කරන්නට මාගේ වරද කුමක් දෝ කියා
හදවතක් නැති සේ ද රවා බලනා දෑසින් ද
මට කිසිවක් අමතක ද නොවී ය ,එසේ නම් ඇයි ද අර මා ගැන කෝපයෙන්



ගායනය - මොහොමඩ් රාෆී, ලතා මංගේෂ්කාර් සමඟ මුකේෂ්
චිත්‍රපටය  - Shree 420
වර්ශය - 1955
රඟපෑම් - රාජ් කපූර් , නාගීස් , නගීරා
නිශ්පාදනය / අධ්‍යක්ෂණය -  රාජ් කපූර්-
සංගීතය -ශංකර් ජායික්‍රිශ්නන්
පද රචනය - ශෛලෙන්දර්

ඔබගේ දෑසේ ආදරය නම් ආලොකය දිදුලයි
ඔබ නොමැති කල ලෝකය කියා දෙයක් නම් නොමැත
ඔබ වෙනස් පුද්ගලයෙකී එනමුත් ඔබගේ හදවත නම් නොවේ
මා දුකින් පෙලුන ද කම් නැත
අද මා සතුටින් නම්
මා ඔබට හදවත පිදුවෙමී
ඕ රාම්… ඔබ එන්නේ කවදා ද


Sasuraal -  Tere Piyari Piyari Surat Ko (http://www.youtube.com/watch?v=fDxLet1IeIw)

ගායනය - මොහමඩ් රාෆී
චිත්‍රපටය  - සසුරාල්
වර්ශය - 1962
රංගනය - Rajendra Kumar, B. Saroja Devi, Mehmood ,Lalita Pawar
අධ්‍යක්ෂණය -  ප්‍රකාශ් රාඕ
නිශ්පාදනය - එල් වී ප්‍රසාද්
සංගීතය - ශංකර් ජායික්‍රිශ්නන්
පද රචනය -  හයිසාත් ජායිපූර්

ඔබේ සුන්දර වතට කාගේන් වත් ඇස්වහක් නොවදීවා
දෙවියන් සුරකීවා
සළුවෙන් වසාගන්න ඔබේ ඔය මුහුණ
මා හට පවා නොපෙන්වා
දෙවියන් සුරකීවා
ඔබ පසුකර යන කවරෙක් වුවද ඔබේ සුන්දරත්වයෙන්
ඔබ ළඟ නවතිනවා
කෝමල සුන්දර ඔබේ මුහුණ දකිනා 
සඳවතිය ද ලැජ්ජාවෙන් සැඟවී ගන්නා


Madhumathi - Toote Hue Khwaboon Ne (http://www.youtube.com/watch?v=0629XENAw5M)
ගායනය - මොහොමඩ් රාෆී
චිත්‍රපටය  -  මධුමතී
වර්ශය - 1958
රංගනය - දිලිප් කුමාර්
අධ්‍යක්ෂණය - බිමල් රෝයි
නිශ්පාදනය -
සංගීතය - සලීල් චෞද්රී
පද රචනය - ශෛලෙන්දර්
බිඳි ගිය සිහිනයන් අපිට කියා දුන්නේ මෙය දෝ
මා හද හඳුනාගත් ඒ නෙත් අද මා හට  අහිමිව ඇති බවයි
මා ඇය හමු වීමට සෙව්ව ද
ඇය දුරස්ව ගොසිනි

Asli Nakuli - Tujhe Jevan Ki Dor Se (http://www.youtube.com/watch?v=amRMVEXb-xI)

ගායනය - ලතා මංගේෂ්කාර් සමඟ මොහොම්මඩ් රාෆී
චිත්‍රපටය  - අස්ලි නකූළි
වර්ශය - 1962
රංගනය - Dev Anand - Sadhana
අධ්‍යක්ෂණය - හරිකේෂ් මුකර්ජි
නිශ්පාදනය -  එල් බී ලාච්මානා හා ඨාකූර්
සංගීතය - ශංකර් ජායික්‍රිශ්නන්
පද රචනය - හර්සාත් ජායිපූරි

පි  - මා ජීවිතේ කොටසක් බවට ඔබව පත්කරගත්තෙමී
       ඔබේ සිතුම් පැතුම් මගේ කරගන්නට මම සුදානම් වෙමී
ගැ - ඔබ මම ආදරය ලබා දෙන්නෙමී ආදරය කරන්නෙමී
         ඔබේ සතුටේත් දුකේත් සහය වන්නෙමී
Ek Phool Do Maali -   Tujhe suraj kahoon ya chanda (http://www.youtube.com/watch?v=9HBXnDoo734)
ගායනය - මන්නා දේයි
චිත්‍රපටය  - ඒක් පූල් දෝ මාලී
වර්ශය - 1969
රංගනය - බල්රාජ් සාහිනි , සාධනා
නිශ්පාදනය - අධ්‍යක්ෂණය - දේවේන්ද්‍ර ගොවේල්
සංගීතය - රවී
පද රචනය - ප්‍රේම් ද්වාන්

ඔබට හිරු කියන්න දෝ .සඳු කියන්න දෝ.
ඔබට,පහනක් ලෙසින් අමතන්න දෝ ,
තරු කැටයක් කියා අමතන්න දෝ,
මාගේ නාමය ,කවදා හෝ දිදුලන්න, 
ඔබ මාගේ රජකුමරයි පුතුනේ
කවදා හෝ මා හා ළඳරු සිනා සලමින් සෙල්ලම් කරනා ,
මා ලොවම එලිය කරන්නෙකු සිටීවි යැයි කියා සිතුවා
ඔබ ලැබීමෙන් ලොවම මා සතු වූවා යැයි දැනේ මා පුතුනේ
ඔබ මාගේ රජකුමරයි පුතුනේ


Hamraaz - Tum Agar Saath ( http://www.youtube.com/watch?v=JiE_WjIGzNA)

ගායනය -  මහේන්ද්‍ර කපූර්
චිත්‍රපටය  - හම්රාස්
වර්ශය - 1967
රංගනය -  සුනිල් දත් ,රාජ් කුමාර් ,මුම්ටාස් , මීනා වර්මා
අධ්‍යක්ෂණය -නිශ්පාදනය - බී ආර් චොප්රා
සංගීතය - රවී
පද රචනය - ශහීර් ලුද්වානී

ඔබ මා හා සිටින්නට පොරොන්දු වූ කල
ම ඒ සතුටේ ගී ගයන්නෙමී
ඔබ මා දෙස බලමින් සිනාසෙන්නේ නම්
මම ඒ සතුටේ ගී ගයන්නෙමී
කොතරම් සුන්දර දැකුමන් මා මග තිබුවද
නොබලමී ඒ කිසිවක් දෙස
ඔබ දෙස බැලූ කල ඒ දෙනෙත් ඉන් ඉවතට ගනු නොහැක ප්‍රියේ

Kahin Din Kahin Raath -  Tumhaara chaahanewaala (http://www.youtube.com/watch?v=PgaVEMKC1FE)

ගායනය - මහේන්ද්‍ර කපූර් / ආශා බෝස්ලේ
චිත්‍රපටය  - කහීන් දින් කහීන් රාත්
වර්ශය - 1968
රංගනය - බිස්වාන්ත් , හෙලන් , ප්‍රාන්, ස්වප්නා
අධ්‍යක්ෂණය - දර්ශන්
නිශ්පාදනය -
සංගීතය - ඕ පී නෛයාර්
පද රචනය - එස් එච් බිහාරී


Sooraj -  Baharon Phool Barsao (http://www.youtube.com/watch?v=McP9D114BfU)

ගායනය - මොහොමඩ් රාෆී
චිත්‍රපටය  - සුරජ්
වර්ශය - 1966
රංගනය - රාජේන්ද්‍ර කුමාර්, වෛජ්‍යන්ති මාලා,
අධ්‍යක්ෂණය - ප්‍රකාශ් රාඕ
නිශ්පාදනය - එස් ක්‍රිශ්ණමූර්ති
සංගීතය - ශංකර් ජායික්‍රිශ්නන්
පද රචනය - හර්සාත් ජායිපූරී

වසන්තයේ මලේ පිපෙනු මැනේ මාගේ සොඳුරිය පැමිණ සිටී
හමායන මඳ නලේ ගීතයන් ගයනු මැනේ මාගේ සොඳුරිය පැමිණ සිටී
කුසුමන් හී රතු පැහැ මෙහෙන්දි ගා සුදු අත හී අහසේ වලාවන් සේ ප්‍රේමණීය දෑසේ අඳුන් ගල්වා
සීතාරය වයනු මැනේ සුන්දර ගී තනු මාගේ සොඳුරිය පැමිණ සිටී

Choudvein Ka Chand -  Choudvein Ka Chand (http://www.youtube.com/watch?v=5Ud2rsMT5ng)

චිත්‍රපටය  - චෞද්නී කා චාන්ද්
වර්ශය - 1960
රංගනය - ගුරු දත් , වහීමා රෙහ්මාන්
අධ්‍යක්ෂණය - මොහොම්මඩ් සාද්ක්
නිශ්පාදනය - ගුරු දත්
සංගීතය -  රවී
පද රචනය - ශකීල් බදායුනි
ගායනය -  මොහොම්මඩ් රාෆී

රාත්‍රියේ දිලෙනා සඳවතිය ඔබ දෝ දිදුලනා හිරු ඔබ දෝ
කුමක් නොවුව දෝ ඔබ ඒ දෙකම අතර වේ
වලාවන් සේ ඔබේ කෙහෙරැල් උරහිස් දෙපසින් බේරේ
ඔබේ දෑස් මුවවිට තෙක් පිරවූ මත් බඳුනක් වැනිය
ඔබ ආදරයේ මත්බවයි මා මත්කරනා


Qayamat Se Qayamat Tak - Aye Mere Hum Suffer (http://www.youtube.com/watch?v=3IorF5bX270)

ගායනය - අල්කා යාග්නී , උදිත් නාරායන්
චිත්‍රපටය  - Qayamat Se Qayamat Tak
වර්ශය - 1988
රංගනය - අමීර් ඛාන් , ජුහි චව්ලා
අධ්‍යක්ෂණය -  මනසූර් ඛාන්
නිශ්පාදනය -  නසීර් හුසේන්
සංගීතය - ආන්නද් මිලින්
පද රචනය - මජ්රුහ් සුල්තාන්පූරි

ඕහ් මාගේ ප්‍රේමියේ ,මේ කුඩා බලා හිඳීමකී
අහන්න ප්‍රේමයේ වදන් මේ ගමනේ
දැන් එළඹ ඇත්තේ වෙන්වීමේ (රි)සෘතුවකී
එය ඉක්මනින්ම ගෙවී යාවී
මේ අඳුරුබව පහව නොයන්නේ මන්ද
කුණාටු සුළං තවමත් හමන්නේ මන්ද



ගායනය -  ලකී අලී , සුනිධී චෞහාන්
චිත්‍රපටය  -  SUR
වර්ශය - 2002
රංගනය - ලකී අලී , ගෞරී කාර්නික්, සීමෝන් සින්ග්
අධ්‍යක්ෂණය - තනූජා චන්ද්‍රා
නිශ්පාදනය - රංගීතා ප්‍රිශ් නන්දි / පූජා භාත්
සංගීතය - එම් එම් කීරාවානි
පද රචනය - නිදා ෆාසිල්

එනු මැනේ එනු මැනේ උදෑසන එනු මැනේ
උදාවී මේ රාත්‍රිය මකාලන්නට එනු මැනේ
සීමා කුමක් දෝ මේ උමතු වූ හදවතේ?
ඔබයි මාගේ සෙවනැල්ල වී ඔබයි
එනමුත් කුමක් දෝ ඔබ තුලින් විදහා ඇත්තේ
මා දුර අහසයි
ඔබ මේ පොලොවයි මා නොමැතිව තනී වූ

Nanha Farishta - O Natkhat nanhi laadli'   (http://www.youtube.com/watch?v=AFuFQo62jRM)

ගායනය -  ලතා මංගේෂ්කාර්
චිත්‍රපටය  - නන්හා ෆරිස්ථා
වර්ශය - 1969
රංගනය - ප්‍රාන්, පද්මිණී, බේබි ගෞරි , අජීත්
අධ්‍යක්ෂණය - බී නාගී රෙද්ධී
නිශ්පාදනය - ටී ප්‍රකාශ් රාඕ
සංගීතය - කල්‍යාන්ද්ජී ආනන්ද්ජී
පද රචනය - සාහීර්

පුංචි දඟකාර සිඟිති දුවේ ඔයා දැක්කා ද
ඔයාගේ මාමා හඳ මාමා
හැම රෑකම හඳමාමා ඇවිඳින්
කිරි පැණී ගෙනවිත් දේවී
රන් කැටි මාගේ සඳ දෙව් දුවේ
මේ බත් කට කන්න දැන්


Julie -  Dil kya kare jab kisi se (http://www.youtube.com/watch?v=-woNniQJZPQ)
ගායනය - කිශෝර් කුමාර්
චිත්‍රපටය  - ජූලී
වර්ශය - 1975
රංගනය -  වික්‍රම්, ලක්ෂ්මී ,නදීරා
අධ්‍යක්ෂණය - කේ සේතුමාදවන්
නිශ්පාදනය - බී නාගි රෙද්දි
සංගීතය - රාජේෂ් රෝහන්
පද රචනය - හරීන්ද්‍රනාත් චට්ටෝපාධ්‍යාය

හදවත ආදරය කරන්න පටන් ගත් කල කුමක් නම් කරයි දෝ
කොහීද කවදාදෝ කාට දෝ සිදු වී දැයි නොදනී  - හදවත කාට දෝ ආදරය කරයි
ලෝකයේ ආදරෙය නම් පවුරේ ඇත්තා වු ඒ මහා උස
ඔබටවත් ජූළි මටවත් වෙනස්කරන්නට බැ
කඳු පෙලේ හැපෙනා වලාවන් සේ
සයුරේ නැගෙනා රළපෙලක් සේ
සිත සොරාගත් බැල්මක ඇති
කිසිවෙකුටත් වෙනස් කල නොහැකී දෑසකී එය
එය මටවත් ඔබටවත් වෙනස් කරන්නට ද බැරිය ජූලී

Jeetha Who Sikhandhar -  Pehla Nasha  (http://www.youtube.com/watch?v=bRUzf7LgjLM)

ගායනය - සාධනා සර්ගම්, උදිත් නාරායන්
චිතුපටය - ජො ජීතා වො සිඛන්දර්
වර්ශය -1992
රංගනය - අමීර් ඛාන්, අයෙෂා ජුලිකා
අධ්‍යක්ෂණය - මන්සූර් ඛාන්
නිශ්පාදනය - නසීර් හුසෙන්
සංගීතය - ජාතින් - ලාතින්

ඔබ නිහඬව සිටියත් ඔබේ සිත පවසනා හැමදේම මට ඇසේ
ඒ ඔබ මගේ සුපෙම්වතා නිසාවෙනි
නුඹ ළංවීලා, මට ඇසුනා
මේ පළමු නුහුරු බවයි, පළමු වරටයි
මේ පළමු ආදරයයි. අළුත් බලාපොරොත්තුවකුයි
මා මෙලෙසින් කුමක් නම් කරම් දෝ
ඔහ් ඉවසන්න හද මාගේ
කියන්න මට හදවත මේ ලෙසින් ඇයි දෝ කියා.
මේ සුළඟේ පාවී යන්නට හිතේ
මේ වළාපෙල පීරා යන්නට හිතේ
මේ අහසත් පොළොවත් මා එක් කරමි
මට කරන්න ඕනේ මොනවාදැයි කියන්න මා මිතුරේ

Love In Tokyo -   Sayonara Sayonara (http://www.youtube.com/watch?v=PFd6oj0jbDM)

ගායනය - ලතා මංගේෂ්කාර්
චිත්‍රපටය  - Love In Tokyo
වර්ශය - 1966
රංගනය -  ජෝයි මුකර්ජී , ආශා පරේශ්
නිශ්පාදනය -අධ්‍යක්ෂණය - ප්‍රමෝද් චක්‍රවර්ති
සංගීතය - ශංක්ර් ජායික්‍රිශ්නන්
පද රචනය - හර්සාත් ජායි පූරී

සුභ ගමනක් වේවා සුභ ගමනක් වේවා
පොරොන්දු වන්නෙමී යලි හෙට දිනයේ දීත් මෙහි පැමිණ ඔබ හමුවන බවට
අත්හරිනු මැන මාගේ අත
නොවලකනු මැන මාගේ මාවත
ඇයි දෝ මෙතරම් නොයිඉවසිලිමත්
තේරුම් ගනු මැන

Yadonki Baarath -  Chura Liya Hai Tumne   (http://www.youtube.com/watch?v=ZjwxslN8y7w)

ගායනය - මොහොම්මඩ් රාෆී , ආශා බෝස්ලේ
චිත්‍රපටය  - යාදෝන් කී බාරත්
වර්ශය - 1973
රංගනය - ධර්මේන්ද්‍ර , විජෛ අරෝරා, සීනත් අමානත්
අධ්‍යක්ෂණය - නිශ්පාදනය - නසීර් හුසේන්
සංගීතය - ආර් ඩී බුර්මාන්
පද රචනය - මජ්රූත් සුල්තාන්පූරී

ඔබ මා හිත සොරා ගත්ත ද
මාගේ බැල්මන් නම් සොරා නොගනු ප්‍රියේ
මාගේ ජීවිත ගමන නුඹ වෙනස් කර ද
ඒ කිනම් වෙනසක් දෝ වටහා ගත නොහැක
රැගෙන යනු මේ මගේ හද වත
රැගෙන නොයනු මැන
මට කලින් මේ හදවත
මා කවදා හෝ වසන්තයක් වී ඔබේ දිවියට එන්නෙමී
මතක් කරන්නේමී මේ දවස එදිනට
ඔබ මාගේ ම ලෙසින්
දිව්රා පිටව යනු මැනේ

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top