Sunday, November 10, 2013

The Best of Shreya Goshal



1984 වසරේ මර්තු 24 වනදා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලද ශ්‍රෙයා ඝෝශාල් සංගීත ජීවිතයට අත්පොත තබන්නේ ඇගේ මවගේ මගපෙන්වීමෙනි. රකෙශ් ශර්මා යටතේ සංගීතය හදාරන්නේ ඇයට වයස අවුරුදු සයක් වනවිටයි.
1995 වසරේ සමස්ථ ඉන්දානු ගායන තරඟයකින් ජය ගත් ඇයට රූපවාහිනී වරම් ලැබුනි. ඒ
“Awaz Nayi Andaz Wohi”  නම් වැඩසටහනටයි .

ZEE TV නාලිකාවේ සරිගමපා වැඩසටහන ඇගේ ජීවිතගමනේ වැදගත්ම මංසලයි. 1999 වසරේ දී ප්‍රවීණ භාරතීය සංගීතඥයන්ගේ විනිශ්චය මත ඇ එම වැඩසටහන ජයගන්නවා.
ඉන් අනතුරුව ඇගේ චිත්‍රපට පසුබිම් ගායන දිවිය ඇරඹේනනෙ උදිත් නාරායන් සමඟ දේව්දාස් චිත්‍රපටයට ගැයූ බේරී පියා ගීතයෙනුයි.

ඒ ගීතය එම වසරේ හොඳම පසුබිම් ගායනාව සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබනවා. 2002 වසරේ සිට මේ වන විට ඈ චිත්‍රපට විශාල සංඛ්‍යාවකට ගායනයෙන් දායක වී ඇති අතර ඈ ලද සම්මාන ප්‍රමාණය ද අති විශාලය.
ඇගේ දක්ෂතාවයට දක්වන ගෞරවයක් වශයෙන්  එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තය විසින් ජුනී 26 වනදා ශ්‍රෙයා ඝෝශාල් දිනය ලෙස දක්වනවා

සුන්දර ස්වර මාධූර්යයිකින් ගයන ඇගේ කටහඬේ මියුරු බව හින්දි ගී ගායනයට පමණක් සීමා වී නොමැත. දමිල, බෙංගාලි,ගුජරාථි, උර්දු තෙලිඟු හා මලයාලම් වැනි විවිධ භාශා වලින් ඇ ගැයූ ගී සංඛ්‍යාව දහසකට ආසන්නයි.
අද බස්රේඩියෝ බෙස්ට් ඔෆ් වේදිකාවට ගොඩවන ඈ ශ්‍රෙයා ඝෝශාල්

List of Her Songs
විශේෂ විඩියෝ තොරතුරු -

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top