Saturday, November 23, 2013

රක්ෂණය ගැන දන්නෙ නැත්තම් අපිව අහන්න

රක්ෂණයක් කියන්නෙ මොකක්ද? මොනවද අපිට රක්ෂණය කරන්න පුළුවන් ? ඇයි අපි ඒ දේවල් රක්ෂණය කරන්න ඕනෙ.? වාහනයක් පාරට දානවා නම් රක්ෂණයක් තියෙන්නම ඕනෙ කියලා ඇයි ආණ්ඩුවෙන් නීතියක් පනවලා තියෙන්නෙ? මොකක්ද ඔය තෙවන පාර්ශව රක්ෂණාවරණ කියන්නෙ?

පූර්ණ රක්ෂණයක් කියන්නෙ මොකක්ද? ඒකෙන් සිද්ධ වෙන්නෙ මොන මොන පාර්ශව ආවරණය වීමක්ද? ඔය පූර්ණ රක්ෂණාවරණය වුන කෙනෙක්ට වෙන කිසිම ආවරණයක් අවශ්‍ය නැද්ද?

රක්ෂණය වුණත් වන්දි නොගෙවන අවස්ථා තියෙනවාද? එහෙමනම් ඒ වාගේ අවස්ථා මොනවාද? රක්ෂණය වෙන්න ඉස්සර ඒවා ගැන පාරිභෝගිකයාව දැනුවත් කරනවාද?

වාහනයක් විකුණුවොත් රක්ෂණය එක්කම විකුණන්න පුළුවන්ද? නැති නම් අපි අලුත් එකක් වෙනම ගත යුතුද?

රක්ෂණය කියන තේමාව යටතේ මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඔබට ඇති.

මේ වෙනකොට ඔබට වාහනයක්, ගෙයක් දොරක් , කඩයක් ඒ වාගේම කුමක් හෝ දේපළක් තියනවා නම් ඒවා සමහරවිට රක්ෂණය කරලා ඇති. අපි දන්න විදිහට රක්ෂණය කියන්නෙ, අතුරු ආන්තරාවක් වුණොත් එහි අලාබය නැවත පියවීම වාගෙ දෙයක්නෙ. 

ඇත්තටම රක්ෂණයකින් ඔය කියන විදිහට අලාබය හරියටම පියවෙනවාද කිය ප්‍රශ්නයත් අපිට නැතුවම නොවෙයි. 

කොහොම වුණත් වසරකට දෙතුන් වතාවක් එක එක නමගිය රක්ෂණ සංස්ථා වලින් නියෝජිතයන් අනිවාර්යෙන්ම ගේ දොරකඩටම එනවා. ඇවිත් නිවැසියන්ව අතුරු ආන්තරා වලට සෑහෙන්න බය කරලා යනවා. 

හැබැයි මේ පාර ඔබේ ගෙදරටම ඇවිත් රක්ෂණය ගැන කියා දෙන්න හදන මේ සහෘදයා නම් ඔබව බය කරන එකක් නෑ.
ඔබට අහන්න තියන හැම රක්ෂණ ප්‍රශ්නයක් ම අහලා ඔබට ආරක්ෂා වෙන්න  පුළුවන්.

මෙවර මා ආ මග ඔස්සේ ඉරිදා රාත්‍රී 8 ට ඔබ ව හමු වන්නේ හය අතර වියුණුව ලියන දමිත් තරංග ගුණවර්ධන. 
ඔහු කතා කරන්නෙ, රක්ෂණය සහ ඔබ ගැන. 
ඔහුගේ විෂයය පරාසය ප්‍රධාන වශයෙන් වෙන් වන්නේ, වාහන රක්ෂණය සම්බන්ධවයි.
ඉතින් ඔබට තිබෙන රක්ෂණ ගැටලු දැනගන්න ඉරිදා රාත්‍රී 8 ට මා ආ මග අහන්න.




Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top