Saturday, November 30, 2013

ඔබේ ජීවිතය ආරක්ෂිතද?



ජීවිත ප්‍රාරක්ෂකයෙක් කියලා හඳුන්වන්නෙ කවුරුන්ද? ජීවිත ප්‍රාරක්ෂණය (Life Underwriting) කියන දේ ගැන ඔබ දන්නවාද? අහලා තියෙනවාද? 
ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවාද? ගන්න බලාපොරොත්තු වෙනවාද? නොගන්නවා කියලා තීරණය කරගෙන හිටියා නම් ඒකට හේතුව මොකක්ද? 

ජීවිත රක්ෂණයක් ගනිද්දි ගන්න කෙනා සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් මොනවාද? අපිට රක්ෂණය දෙන අය අපි ගැන හොයන්නෙ මොනවාද? 
ජීවිත රක්ෂණ වර්ග තියෙනවාද? අපි වාරික ගෙව්ව පමණින් අපිට නියමිත ප්‍රතිලාභ ලැබෙනවාද? වාරික ගෙවීම නතර කළොත් මොකක්ද වෙන්නෙ? කල්පිරුණාම ගන්න පුළුවන්ද? රක්ෂණ සමාගම බංකොලොත් වුණොත් අපිට මොකද වෙන්නෙ? ඊට හොඳ නැද්ද? තමන්ගෙ සල්ලි තමන්ම බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමකට දමන එක.

ගිය සතියෙ වාහන රක්ෂණ ගැන කතා කරපු නිසා, මේ සතියෙ ජීවිත රක්ෂණ ගැන කතා කරන්නට අපි හිතුවා
ඉතින් ඒ සඳහා සයිබර් අවකාශයේ නමක් ඉසිලු අසංක සෙනෙවිරත්න සහෘදයාට අපි මෙවර ඉරිදා මා ආ මග සඳහා ආරාධනා කළා. ඉතින් ඔබ සූදානම් ද? ජීවිත රක්ෂණය ගැන ඔබ නොදන්නා දේ දැනගන්න. ඔබට පවතින ප්‍රශ්න නිරාකරණය කරගන්න. මේ එයට හොඳ ම අවස්ථාව. සූදානම් වී සිටින්න.. 


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top