රටකට හමුදාවක අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන් ගන්නෙ, රටක් ඇතුළේ අසහනකාරී හෝ ගැටුම් කාරි වාතාවරණයක් තියෙන අවාස්ථාවන් වලදි. රට ඇතුළ සමකාමී වෙනකොට හමුදාව ගැන ලොකු අවධානයක් යොමු කරන්න කාටවත්ම වුවමනා වෙන්නෙ නෑ. ඒත් පහු ගිය දශක තුනකට ආසන්න බරසාර යුද්ධය නිසා යුද්ධය සහ මුලින් නිමවී වසර කිහිපයක් ගෙවී ඇතත්,
පශ්චාත් යුධ මානසිකත්වය යටතේ අපේ රටේ හමුදාවට අදත් ඉහළම තැනක් ලැබෙනවා.
අතීතයේ සිටම රණකාමී ජාතියක් වූ අපි, හැමදාමත් මුදලට හමුදාව ලඝු කළේ නෑ. ජාතියේ මුර දේවතාවන් ලෙසයි අපි ඔවුන්ව හැඳින්නුවෙ.
හමුදාව ගැන දැන ගන්න අහන්න තවමත් අපි අතර තියෙන ආශාව අඩු වෙලා නැති බව අපිට හොඳින්ම දැනුණා. නොවැම්බර් 17 ඉරිදා රෑ 8 ට. දෙවනි වතාවටත් හමුදාව ගැන තොරතුරු ඔබට කියන්න ආපු විතාරක තුමාට ප්‍රශ්න පිට ප්‍රශ්න යොමු කර දැනුවත් වෙන්නට තරම් ඔබ අපූරු උනන්දුවක් දැක්වුවා.
ඒත් අහන්න බැරි වුණ යම් කිසි අයෙක් සිටිනවා නම් ඒ අයටත් දැනුවත් වීමේ ඉඩක් දෙන්න බස් රේඩියෝ අපි කවදාවත් පසුබට වෙන්නෙ නෑ.
මෙන්න පසුගිය ඉරිදා, ඕඩියෝ දොඩමළුව. දැන්ම මෙතැනින් බාගත කරගන්න.
එහෙනම් හමුවෙමු මේ ඉරිදාත් රෑ 8 ට තවත් සයිබරයේ තවත් නම රැන්ඳු තරුවක නොදන්නා වත සොයන්නට
Tuesday, November 19, 2013
විචාරකතුමා යළි වරක් මා ආ මග කරළියේ
Related Posts
මා ආ මග සමඟ රක්ෂණයේ හය හතර දැන ගන්න.
27/11/2013 - 0 Comments
රක්ෂණය ගැන දන්නෙ නැත්තම් අපිව අහන්න
23/11/2013 - 0 Comments
විචාරකතුමා හමුදාව ගැන මෙහෙම කියයි.
13/11/2013 - 6 Comments
0 comments