Friday, November 8, 2013

Art එකට යුද්ධ කිරීම සහ යුද්ධයේ Art එක

සෙබළුන්ට බල්ලන්ට වගේ සලකන නිසා ඒ අය හමුදාවෙන් පැනලා යනවා කියන කතාව ඇත්තද?
යුද්ධයක් නැති රටකට ත්‍රිවිධ හමුදවෙක් මොකටද? හමුදාව හදන්නෙ විනය වර්ධනය කරලා නම්, එහෙම හොඳ විනයක් තියෙන හමුදාවෙ අයම  ඇයි බොහෝ අපරාධ වලට සම්බන්ධ වෙලා තියෙන්නෙ?

හමුදාවෙ කෙනෙක් සාමාන්‍ය මනුස්සයෙක් එක්ක ඇති කරගන්නා ආරවුලකදි
යුධ අධිකරණය හමුදා නිලධාරියාව ගොඩින් බේරලා යවනවා කියන කතාව ඇත්තක්ද?
සමාන්‍යයෙන් අපිට බලපවත්වන සිවිල් නීතිය හමුදාවට අදාළම නැද්ද? 
මොකක්ද ඔය පහුගිය දවස්වල නිතර ජනමාධ්‍ය වලින් හඳුන්වාපු යුධ අධිකරණය කියන්නෙ? 
එතකොට සමාන්‍ය උසාවියෙ වාගෙ, ඔය කියන යුදාධිකරණයෙ නඩු අහනවා අපිට බලන්න බැරිද?


සමාන්‍ය මිනිහෙකුට සිවිල් වැසියෙක් ලෙස හමුදා පුහුණුව ලැබීමට අයිතියක් නැද්ද? 
හැබැයි ඔබ ලියන වියුණුවෙ පළවන ලිපි වලින්, එහෙම දෙයක් ලබා ගන්නත් බැරිකමක් නෑ නේද?
ඒත් ඉතින් මේ ඉගෙන ගන්න කියලා විශ්ව විද්‍යාල වලට යන ළමයින්ට හමුදා පුහුණුව දීලා වැඩක් තියනවාද? 
කවදා හරි සන්නද්ධ කැරැල්ලකට අර අදින කාට හරි ඔබ සහ ඔබේ වියුණුව සහය දෙනවාවත්ද?

ඇත්තටම හමුදා කැරැල්ලක් ආවොත්, රටේ බලය හමුදාව අතට ගනීද?

අපිට හමුදාව ගැන අහනවා නං  ඔහුගෙන් අහන්න ඇති තරම් ප්‍රශ්න තියෙනවා. 
අපි බලමු, හෝරා දෙකකට අපිට මේ ප්‍රශ්න වලට අමතරව තව කොයිතරම් පරාසයකට ඔහුගේ දැනුමෙන් අපට දැනුවත් විය හැකිද කියලා. 
හමුදාව ගැන උනන්දුවක් තියෙනවා නම්, 
රණවිරුවකු වන්න ආසාවෙන් ඉන්නවා නම්. 
අපි ඔබට ඉදිරිපත් කරනවා එයටම ගැළපෙන කෙනෙක්. 
ඉතින් මෙවර ඔබ හමුවන්නෙ..අසමි දකිමි සොයමි වියුණුවේ අයිතිකරු විචාරකතුමා. 
ඔබත් එක්වන්න අපි සමඟ අපි මෙවර ඔහු ප්‍රශ්න කරමු. 
මේ ඉරිදා මා ආ මගෙන් හරියටම රෑ 8 සිට පුරා දෙහෝරාවක්.


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. අනිවා එනවා විචාරකත් එක්ක එක් වෙන්න

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top