Saturday, November 16, 2013

The Best of නිරෝෂා විරාජිනි



කන්ද උඩරට සිය නිජබිම කරගත් ඇ සහෝදර සහෝදරියන් සිව්දෙනෙකුගේ පවුලේ වැඩිමහල් දියණියයි. කුඩා අවධීයේදීම ඇගේ දක්ෂතාවය හඳුනාගන්නා ඇගේ මව ඇයව ඔස්ටින් මුණසිංහ සංගීතඥයන් යටතේ සංගීතය හදාගන්න යොමු කරනවා. එහිදී ඇයට සහාය ගායිකාවක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ළමා පිටියට පිවිසීමේ වරම් හිමිවෙනවා.
ඇගේ මේ දක්ෂතාවය නිසාම ඇට සූපර්සන්ස් ගීත කණ්ඩායමේ ගායනවරම් හිමිවනවා. ඇය එහිදි මුලින්ම ගැයුවේ උතුරු හා දකුණු ඉන්දියානු සම්ප්‍රදායේ ගීතයන් වගේම ඉහල ස්වරපරාසයන් හී ගැයෙන ගී. ඒ හැකියාව ඇය සජයෙන්ම ලද දායාදයකී


සිත හඬයි පලමු කැසට් පටයෙන් ගීත ලොවට ඇ පිවිසින්නේ ඇගේ මවගෙන් ලද අනබලය මතයි. ඈ ගයන ගී අතරින් දමිල බසින් ගැයු වෙන් පුරාවේ නම් සාමයේ ගීතය සිංහල දමිල ජනයාගේ සිත් සතන් ඇද බැඳගන්නක් වූ වා. එය ඇගේ ජනප්‍රියත්වේ මූලාරම්භය ලෙසින්ද සනිටුහන්කරන්නට පිලිවන.
ඉන් අනතුරුව ඇගේ සංගීත දිවියේ මංසලකුණ තැබුවේ පුන්සඳ රෑට නම් ගීතයයි.


පසුව 1996 1997 හා 98 වසර වලදී විදේශ ගතව එම රටවල නිර්මාණ කටයුතු වලට දායක වූ ඇය නැවත ශ්‍රී ලාංකික ශ්‍රාවකයින් සමීපයට එන්නෙ නාඳුනන සිහිනේ ඇල්බමයත් සමඟින්. එහි ඇතුලත්  සිනාතොටක් ඔබ පාමුල ගීතය ශ්‍රාවක ජනාදරයට පාත්‍රවන්නේ එම ගීතයේ ස්වර හා ඇගේ කටහඬෙන් ඇතිවන හැඟීම් නිසාවෙනි.


සංගීත කේෂත්‍රය තුල දැවැන්තය වූ පණ්ඩිත් අමරදේවයන්, වික්ටර් රත්නායක , වැනි අය සමඟින් විවිධ ගී ගැයු ඈ සම්මාන උළෙලවල් හී නිරන්තරයෙන් ඇගීමට ලක් වූවා.
2002 වසරේ දී හොඳම චිත්‍රපට පසුබිම් ගායනයෙන් ද ඇ සම්මානයට පාත්‍ර වූවා.



සුන්දර ස්වර මාධූර්‍යකින් යුත් ඇ විරහව ආදරය ලාලිත්‍ය තාරුණ්‍ය මතින් ගී ගයන්නීය. මධූර කටහඬකට උරුමකම් කියන්නීය. අද රාත්‍රිය හැඩ කරන්නට බස්රේඩියේ ද බෙස්ට් ඔෆ් වේදිකාවට ගොඩවන ඇය විරාජිනි ලාලිත්‍යා ද සිල්වා හෙවත් නිරෝශා විරාජිනි.


තොරතුරු මුසුව :- 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top