Friday, January 6, 2012

රේඩියෝ චිත්‍රපට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ


2012 වර්ශයේ ආරම්භයේදී බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ කණ්ඩායම අළුත් වැඩකට අත තිබ්බා. ඒ තමයි හින්දි චිත්‍රපටි රේඩියෝ චිත්‍රපටියක් විදියට බස්රේඩියෝව හරහා විකාශය කරන්නට .ඒ සඳහා අපි මුල්ම පියවර විදියට තෝරගත්තේ සාවරියා චිත්‍රපටිය. ඉතින් අප මුහුණූපොත හරහා කරපු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වලා අපිත් එක්ක එකතු වුණ හඬ නළු නිළියන් එක්ක එකතුවෙලා මේ චිත්‍රපටයේ අප පටිගත කිරීම් සිදුකරා.

Saawariya හඬ දායකත්වය :-
- තිසර මධුවන්ත
- අශාන් ඉමන්ත
- රශ්මි රවීනා
- මොහොමඩ් සබීත්
- ඉන්දිකා අධිකාරි
- කාවින්ද්‍යා රත්නායක

රේඩියෝ තිර පිටපත : කාවින්ද්‍යා රත්නායක
අධ්‍යක්ෂණය : ආසිරි දළුගම
සංස්කරණය හා පටිගත කිරීම : දුලාන් ආසිරි
පරිවර්තනය - බස් රේඩියෝව වෙනුවෙන් දිනේෂ් සංජය (මානස විල)

2007 අවුරුද්දේ සංජය ලීලා බන්සාලීගේ අධ්‍යක්ෂණයක් විදියට බොලිවුඩ් රිදී තිරයට එක්වුණ සාවරියා රන්බීර් කපූර් ගේ හා සෝනම් කපූර් ගේ රංගනයන්ගෙන් ආලෝකමත් වුණා. මෙම දෙපල සිය සිනමා ගමන ආරම්භ කරන්නෙත් මේ සාවරියා චිත්‍රපටයෙන්. සාවරියා සංගීතවත් කරේ මොන්ටි ශර්මා. රන්බීර් කපූර් (රාජ්),සෝනම් කපූර්(සකීනා),රාණී මුඛර්ජි(ගුලාබ් ජාන්),සල්මන් ඛාන්(ඉමාන්) මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.

මේ රේඩියෝ චිත්‍රපටය ළඟදීම සඳුදා රාත්‍රී 8.30ට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ හරහා මේ ශ්‍රවණය කරන්න ඔබට අප ආරාධනා කරනවා. ඒ වගේම ඔබ කැමති චිත්‍රපට තියෙනවා නම් ඒවාත් අපිට කියන්න නැතිනම් ඔබට පුළුවන් එය පිටපතකට රචනා කරලා අපට යොමු කරන්න ඒ සඳහා පහත ඊ ලිපින භාවිතා කරන්න.

ඔබත් අපේ හඬ නළු නිළි සංචිතයට එකතු වෙන්න කැමති නම් ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරය දක්වා request@buzzradio.lk වෙත හෝ info@buzzradio.lk වෙත ඊමේල් කරන්න. මතක ඇතිව Subject එක විදියට VOICE ARTIST යන්න සටහන් කරන්න අමතක කරන්න එපා.


<<< බස් රේඩියෝ බොලිවුඩ් ෂෝ  Dj Dula & Dj Kavi සමඟ සෑම සඳුදාවකම රාත්‍රී 8.30ට >>>
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. එල එල..... ලස්සන වැඩක්, නැගල යයි

    ReplyDelete
  2. බොහොම හොද වැඩක්.මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යන්නට මගෙන් සුභ පැතුම්....

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top