තව සිහිනය දිගේ වැඩටහන් හතක්ම ඔයාට දෙන්න තියෙනවා. ඒ වුණත්, කට්ටියම මේ වැඩසටහන හදිස්සි කියපු නිසා ඔන්න දුන්නා.. මේ තියෙන්නෙ, ඊයේ වැඩසටහන..
දිනාගන්න දේ බොහොමයි.. දනිමු එය බොලව්!!- අහිමි ලොව දිනන නිවැරදි මඟ සොයා බලවු.. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් ලියවුණු ගී මාලයෙ පළවෙනි කොටස ගිය සතියෙ ඔයා ඇහුවා. අපි ගිය සතියේ තනිකරම ප්‍රේමය නමින් ලියවුණු ගීත ගැන කතා කළා. ඒ වාගේම අපි පොරොන්දු වුණා, අදත් සුනිල් ආරිය රත්නයන් රචික, වෙනස් විදිහක ගී මාලයක් ඔයාට තිළිණ කරනවා කියලා. මේ සිහිනය දිගේ වැඩසටහනේ, තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ සියලුම ගී වල හඩ පෞර්ෂය අයිති, හෙලයේ හොඳම සිංහල විතරාගි ගැහැණු කටහඬට උරුමකම් කියන නන්දා මාලනියට.. තවත් විශේෂත්වයක් තියෙනවා. මේ ගීත එක් එක් වකවානුහීදි , පවතින කාලානූරූපිව වාරණයට ලක්වූ ගීත. එදා වාරණයට ලක්වු නිසාම සංචිත ගත නොවී, දුලබ වීමෙන්, නිතර නෑසෙන ගීත. ඉතින් අහමු!! ආයෙත් අප්‍රේල් 10 වෙනිදා සිහිනය දිගේ..
Thursday, April 11, 2013
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | 16 වන වැඩසටහන
Related Posts
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | සිව්වන වැඩසටහන
29/01/2013 - 1 Comments
♪♫ BUZZ RADIO♪♫ සිහිනය දිගේ | තෙවන වැඩසටහන
17/01/2013 - 1 Comments
♫♪BUZZ RADIO♪♫ සිහිනය දිගේ | දෙවන වැඩසටහන
12/01/2013 - 0 Comments
0 comments