Tuesday, October 8, 2013

අභීත එක්ක කරපු, සුප්‍රකට "මා ආ මග" වැඩසටහන

නිවේදක: අභීත ඔබ අවස්ථාවාදියෙක් නේද?
අභීත:  මම අවස්ථාවාදියෙක් නෙමේ මම ව්‍යාපාරිකයෙක් .. සෙලින්කෝ සමූහ ව්‍යාපාරය වැටුණා... දහස් ගාණකට සල්ලි නැහැ...
නිවේදක : එහෙම කියලා ඔබ වංචා කරප්පුවා සාධාරණයි කියලද කියන්නේ?
අභීත : මම පැහැදිලිවම දන්නවා, මම මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා නන්නත්තාර වෙච්ච මිනිහෙක් කියලා...
..........................

නිවේදක : ඒ කියන්නේ ඔබ යක්සයෙක් තමා.. හැබැයි ඔය කියන තරං කළුපාට යකෙක්
නෙමේ... යකාගේ දත් ටික හරි සුදුයි...

අභීත : ඔව්. මට වඩා කළුපාට යක්සයෝ ඕනේතරං මේ බ්ලොග් අවකාශේ ඉන්නවා...
...........................

අභීත : මම අතිශය පැඇදිලිව කියනවා මම වැරදි කාරයෙක්...මම බරපතළ වැරදි කාරයෙක්...
නිවේදක : ඔබට අවශ්‍ය නැද්ද මෙ වැරදි නිවැරදි කරගන්න?
අභීත: මට අවශ්‍යයි ඒ වැරදි නිවැරදි කරගන්න. මම ඒ වැරදි නිවැරදි කරගන්නවා...
නිවේදක : කවදටද එහෙම කරන්නේ? කවදටද ඔබ නිවැරදි කරුවෙක් වෙන්නේ?
අභීත : ඇයි මම ඒක ඔයාට කියන්නේ?

...............................

නිවේදක : ඔබ අපොස උසස් පෙළ සමත් වුණාට පස්සෙ ඔබ ඉදිරියට ගියෙ කොහොමද?
අභීත : මම පළමු වැනි වර අපොස උසස් පෙළ අසමත්!! විෂයන් 4 ක් තිබ්බා අපට..
නිවේදක : එහෙනම් අසන්නන් දැන ගත යුතුයි.. අභීත කියන්නෙ.. පරණ ඒ ලෙවල් පරම්පරාවේ කෙනෙක් බව....

...............................

නිවේදක: අභීත, ඔබ ඉතාම සැර උත්තර දෙනවා...
අභීත : රසික ඔයා මගෙන් සැර ප්‍රශ්න අහලා දැං කියන්න එපා සැර උත්තර දෙනවා කියලා... මේවට මම උත්තර දෙන්න ඕනේ...
...............................

ජූලි පළමු වැනිදා ඉරිදා රෑ 8.30 ට මා ආ මග තුළින් අප සමඟ එකතු වුණ සයිබර් අවකාශයේ නම ගිය බ්ලොග් කරුවෙක් වන ඔහු ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොග් අඩවියෙ හිමිකරු අභීත එදිරිසිංහ තමාගෙම සංචාරක ව්‍යාපරයක් පවත්වාගෙන යන කෙනෙක්.

බරටම සැර උත්තර දෙන 80 ට පාගලා කොට්ටාවෙ සිට මී මුරේ ට පැය 5 න් යන අභීතටත් මා ආ මග අලුත් අත්දැකීමක් වුණා.

ඉතින් මින් එහා මෙහා වුණ ප්‍රශ්න උත්තර වල හොඳම හරිය දැන ගන්න... ආසා නම්, ආයෙ ආයෙත් අහන්න..


ලින්ක් එකට මෙතැනින්..
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

6 comments

  1. ඒ සම්භන්ධයෙන් ඕන තරම් ප්‍රශ්ණ අහන්න පුළුවන්... මම ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙනවා.. කුණු හරප නොකියා ඕන ප්‍රශ්නයක් අහන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මේක අහන්න කම්මැලියි...... අභීතගෙ ගෑනු කේස් ගැන එහෙමත් මේකෙදි ප්‍රශ්න ඇහුවද? බ්ලොග් හරහා ගන්න ලිංගික වාසි ගැන.....

      Delete
  2. අභීත මෙතනදි කියන්න උත්සාහ කරනව මිනිහ අනුන්ගෙන් ණය අරන් ඒව නොදී හිටිය නෙමෙයි, ඒ අය අභීත ගාවට ඉන්වෙස්ට් කරන්න ඇවිත් ඉන් පස්සෙ ඉන්වෙස්ට්මන්ට් එක අවුල් උනාම මඩ ගහනව කියල. මම පැහැදිලිවම පෙන්නල තියෙනව සාක්කි ඇතුව අභීත මට කතා කරල ලක්ෂ පහක ණයක් ඉල්ලල මම ඒකෙන් එකයි හැත්තාවක් විතරක් දුන්න බව සහ අහීත ඒ ණය නොගෙව ඉතා කපටි විදියට බොරු බෑන්ක් ස්ලිප් පෙන්නමින්, "සල්ලි බැන්කුවට දාල තියෙන්නෙ ඒත් මොකක් හරි අවුලක්" වගේ බොරු කියමින්, එහෙම නැතිනම් "මගේ චෙක් එක රිටර්න් වෙලා" යැයි කිසිදිනක නොලියූ චෙක් අංක ඉදිරිපත් කරමින්, සල්ලි එක්ක එකෙක් එවුව ඌට පාර හොයා ගන්න බැරි වෙලා, වගේ විසාල බොරු කියමින් මාව අපහසුතාවයට පත් කරමින් වංචා කල බව.

    ඒ උනාට මෙයා මෙතන කටේ තොලේ නොගෑවී කියන බොරු ඇහුවම හිනා...!

    අනික මේ සාකච්ඡාවෙදි වැප්ට උන අසාධාරනයක් ගැන කියල කියනව "අපි ඒ ගැන අන්තිමට කතා කරමු" කියල. මේ අන්තිමට කතා කරමු කියන්නෙ වැප්ටත් තියපු ණය පොල්ලක් ගැන. එතකොට නිවේදකය අහන්නෙ නෑ ඇයි අපි දැන් ඒ ගැන කතා නොකරන්නෙ කියල. එහෙම අහන්න බැරි මොකද නිවේදකය සහ අභීත අතරෙ පොදු එකඟතාවක් තියෙනව "අපහසුතාවයකට පත් නොකිරීමෙ".

    ඒ නිසා සාක්කි ඇතුව ණය අරන් පොළු තිබ්බ බව කියපු මගේ පොසෙට් එකේ දාල තිබ්බ මම වගේම අභීතගෙන් පොළු කාපු අනික් උන් ගැන කතා නොකරනව විතරක් නෙමෙයි අභීත කියන්නෙ දක්ෂ ව්‍යාපාරිකයෙක් කියන දේ ඉස්මතු කරවන්නත් උත්සාහ ගන්නව.

    අද කාලෙ දේශපාලනයටත් සම්භන්ද සහ අභීතගෙ සමීප පුද්ගලික මිතුරෙක් වෙච්චි නිවෙදකයගෙන් දුකාට, දුකාගෙ මස්සිනාගෙ යාළුවට, දුමියට තියපු පොළු වගෙම අර සහන රන්වල කේස් එක, චන්දිම ලියනගේට තියපු පොල්ල, අද එකට බස් රේඩියෝ කරන ඕනයගෙ ණය ගැන, ඔබා මාමට වංචා කරන ගිහින් කුළී කාරෙක නැතිවෙන්න ගිය හැටි, ණය පොළු නිසා රිමාන්ඩ් එකේ උන්න හැටි, මිලියන ගනන් ඉන්වෙස්ට් කරන්න ඉන්න මිනිහගෙ මීමුරේ ප්‍රොග්‍රෑම් එකක් ලක්ස දෙකක් නැතුව සති ගානක් පරක්කු උනේ මොකද කියන එක , එකට කාපු මිනිහගෙ ගෑණිටත් ඇනෝ ඇවිත් මඩ ගහපු එක වගේ දේ විතරක් නෙමෙයි බ්ලොග් රචිකාවියො කාමර වලට දක්කපුව එහෙම උනත් අහයි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?

    අන්තිමට කියන්න තියෙන්නෙ "හොරු සමඟ හෙළුවෙන්" ඇසුවෙමි කියල විතරයි.:-)

    ReplyDelete
    Replies
    1. අනිවා දීන හොරු සමග බේබදු ඕනයා හෙළුවෙන්.....

      Delete
    2. හක් හක්... හොඳටම හිත රිඳිලා වගේ.... මෙතන ඉන්දික මම ඔයාට පොල්ලක් තියලා නෑ කියලා මම කිසි තැනක කියලා නෑ.. එහෙම වගේ පේන්නේ නැත්නම් මම දැන් කියන්නම්.. ඔව් මම ඔයාට පොල්ලක් තියලා තියෙනවා... ඒක ඔයයි මමයි දෙන්නටම අනුව පොලිසියේදි පොරොන්දු වෙලා තියෙන හැටියට විසදෙයි... එච්චරයි...

      වැප් ගේ ප්‍රශ්ණේදි නිවේදකයා පැහැදිලිව අහනවා මොකක්ද ඒ වැඩේ කියලා... ඒකට මම දෙන උත්තරේ මෙහෙමයි..

      "මම කියන්න කැමතියි රසික ඒක.. නමුත් වැප් කැමති නෑ මම ඒක කියනවට"

      පැහැදිලිව අහන්නකො ඉන්දික.. එතකොට ඔයාට තේරෙයි...

      අනිත් කාරණා ගැන නම් කියන්න තියෙන්නේ කන්න ඕන ඕන උනාම කබරයා තලගොයා කරගෙන ඌව හෝද හෝද මඩේ දාන හැටි දන්නෙ නැති අයට ඇවිත් මෙන්න බලාගන්න කියලා...

      අර කතන්දරගේ කමෙන්ට් එකේ දාපු "මම සහ අභීතගේ හතුරෝ" කියලා කියපු අය දැන් කෝ ඉන්දික...? :-)

      Delete
    3. සභාවේ තදින් සිනා...!

      ගූ කප්පරක් කාපු එකාට පඩේ මොන ගඳක්ද නේද? :d

      ඔය බයිල අහල හිත රිදෙන්න තිබ්බ අභීත කියන්නෙ කෞද කියල පහුගිය අවුරුද්ද ඇතුල අඳුන නොගත්තනම්.

      මෙතන තියෙන ගැටළුව "ඔව් මම පොල්ලක් තියල තියෙනව" කියන ඔහේ වගේ හොරු නළවන රසිකල වගේ මිනිසූ ගැන තියෙන කළ කිරීම විතරයි.

      එහෙනං අපි හම්බු උනාම ඉතුරු ටික බේරගමු. ආයිබෝං..!

      Delete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top