Monday, October 14, 2013

පත්තර රස්සාව හරියට අබිං කෑවා වගේ (මා ආ මග දිගම වැඩසටහන)

පුවත් පත් මාධ්‍ය කලාවට ඔබ පැමිණි ගමන් මග කොහොම එකක්ද?
මෙය තෘප්තිමත් විය හැකි රැකියාවක් ද?
රජයේ මාධ්‍යයක සේවයද නිදහස් මත ප්‍රකාශනයට බාධාවක්ද?
ස්වාධීන මාධ්‍ය ආයතන වල ස්වාධීන මාධ්‍ය කලාවක් තියෙනවාද?
පුවත් සත්‍ය අසත්‍ය බව වටහා ගැනීමට සහ එය තහවුරු කරගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
පත්තරේ ලීඩ් එක තෝරගන්නෙ කුමන රීතියක් පදනම් කරගෙනද?
එදා සත දහයේ විශ්ව විද්‍යාලය මිනිසුන් විසින් අද වැව ළඟ පච මෝල කියලා හැඳින්වීමට වග කිව යුතු රජයද? මාධ්‍ය කරුවොද?
ලංකාව ඇතුළෙ මාධ්‍ය නිදහසක් තියෙනවාද? 
ස්වාධීන මාධ්‍ය ආයතන වල සේවකයන් හට පමණක් ලිවීම නිසාම අතවර පැමිණි අවස්ථා අප පසුගිය අතීතයේ දැක්කා. ඒ ගැන රජයේ මාධ්‍ය කරුවෙක් ලෙ ඔබේ අදහස කුමක්ද?
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කරණය හමුවෙ ඇති වර්තමාන අභියෝග ජනමාධ්‍ය යේ අනාගතයට කොහොම බලපෑමක් ඇති කරයිද?
ලෝක ජනමාධ්‍ය කලාව සමඟ සසඳන විට ලංකාවේ ජනමාධ්‍ය කලාව තිබෙන්නේ කොතැනද?
ඔබට සම්මාන ලැබිලා තිබෙනවාද? ( ඒ සම්මාන ඔබ ලැබීම සාධාරණයි කියලා ඔබට කිව හැකිද?)
මාධ්‍ය දිවියේ අමතක නොවන අද්දැකීම් මොනවද?
රජයට කඩේ යන්නෙක් ලෙස ඔබව හදුන්වන එකෙන් මිදෙන්න බැරිද?
මේ මොහොතේ, ඔබ දිණමිණ පුවත් පතෙහි ප්‍රවෘත්ති කර්තෘ නොවේ නම්, ඔබ හෘද සාක්ෂියට එකඟව ලංකාවේ ජනමාධ්‍ය ගැන දරන නිදහස් මතය ප්‍රකාශ කරන්නට ලෑස්තිද?
අනෙක් පුවත් පත්වලට සාපේක්ෂව දිණමිණ අලවිය අඩු මට්ටමක තිබෙන බව ජනතාව පවසනවා. ගැසට් එක බැලීමට සහ රජයේ ආයතන වලට පමණයි දිණමිණ ගන්නෙ කියලා කියනවා. මේක  ඇත්තක්ද?

මේ සියලුම ප්‍රශ්න සහ අසන්නන්ගේ ප්‍රශ්න සඳහා දිණමිණ ප්‍රවෘත්ති කර්තෘ නලීන් දිල්රුක්ෂ මහතා හෙවත් සමකය වටේ නලීන් අයියා පිළිතුරු දුන් ආකාරය අහන්න බැරි වුණාද? නැවත අහන්න ආසාද? එහෙමනම් අහන්න..මෙන්න මෙතනින්


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top