ඔබ එදිනෙදා ජීවිතයේදි යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගත යුතුයි. ඒ බව දන්න නිසාම
ඒ නිසාම ඔබ ට ඔබේ මනස පිළිබඳව කියා දෙන්න.. අප වෘත්තීය චිකිත්සක ප්‍රදීප් චන්දන ගුණරත්න මහතා හෙවත් හිතවතුන් අතරේ ප්‍රදීප් ගේ පිටුව ලියන ප්‍රදීප් නමින් ප්‍රසිද්ධ ඔහුව 27 වන ඉරිදා මා ආ මග කරළියට රැගෙන ආවා.
බොහෝ රසිකයන්ගෙ අසීමිත ප්‍රතිචාර වගේම නොනවතින ගැටලු නිසා, එක වැඩසටහනකින් මේ
කර්තව්‍ය නිමා කරන්න බස් රේඩියෝ අපිට බැහැ. ඒ නිසාමයි අපි තීරණය කළේ ලබන සතියේත්
වෘත්තීය චිකිත්සක ප්‍රදීප් චන්දන ගුණරත්න මහතා ඔබ හමුවට මා ආ මග කරළියෙන්ම ගෙන එන්න.
ඔබට මඟ හැරුණ ප්‍රශ්න, අහන්නට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රශ්න මෙතනට කමෙන්ට් කරන්න.
වැඩසටහන ඇහුවෙම නැති නම් මෙන්න අහලා අදහසක් ගන්න.
මේ අපි ඔහුගෙන් අහපු ප්‍රශ්න වලින් අතළොස්සක්...
- යහපත් මානසික සෞඛ්‍යය/ මානසික යහපැවැත්ම කියන්නෙ මොකක්ද?
- මානසික යහපැවැත්ම නැති වෙන්න පුළුවන් කොහොමද?
- මානසික යහපැවැත්ම බිඳ වැටීම සහ මානසික රෝග අතර සම්බන්ධයක් තිබෙනවාද?
- මානසික රෝග කියන්නේ මොනවද?
- මානසික රෝග හැදෙන්නේ කොහොමද? කාටදමානසික රෝග හඳුනාගන්නේ කොහොමද? මානසික රෝගීන් තමන්ට රෝගයක් තිබෙන බව පිලිගන්නෙ නෑ නේද?
- සුලබ මානසික රෝග මොනවද?
- මානසික රෝග නිසා සමාජයට වෙන හානිය කුමක්ද?
- මානසික රෝග සුව කරන්න පුළුවන්ද? කරන ප්‍රතිකාර මොනවද?
- මානසික රෝගීන් භයානකද?
තව ප්‍රශ්න තියෙනවා නම්, ඒ ප්‍රශ්න වලට පිළිතුරු මේ හඬපටයේ නැති නම් ... ඒ ප්‍රශ්නය නොවැම්බර් 03 වනදා නැවත අසනු පිණිස වහාම කමෙන්ට් කරන්න..
වැඩේ නැගලම ගියා එදා නම්
ReplyDeleteඔන්න වැඩසටහන්. . .
ReplyDeleteමට එදා බාගයයි අහන්න හම්බුනේ අපරාදේ (h)
ReplyDelete