Friday, October 11, 2013
Keep calm and write කලාව ගැන talk කරමුද?
තමන්ගෙ හිතට දැනෙන දේ තමන්ට ඕනෙ විදිහට ලියන්න ඉඩ ලැබිලා තියනවාද?
අඩුම තරමෙ, හොයා ගත්ත ඇත්ත ඇති සැටියෙන් ලියන්න ඉඩ දීලා තියෙනවාද?
කොලමට පරිමිත නැහැයි කියලා, වටිනා කියන අදහස් කොච්චරක් මේ වෙද්දි කපලා තියෙනවාද?
ජනතාව විසින් පත් කරගත් ආණ්ඩු ජනතාවටම ගහද්දි හැමදාම ආණ්ඩුවෙ පැත්ත ගන්නකොට හෘද සාක්ෂියට දැනුණෙ කොහොම හැඟීමක්ද?
මෙච්චර කට්ටක් කාගෙන මේ කරන රස්සාවෙ තෘප්තියක් තියෙනවාද?
තම සහෘද මාධ්‍ය කරුවන්ගෙ අයිතිවාසිකම් පෙනී පෙනී උල්ලංගනය වෙන වෙලාවට නිහඬව ඉන්න සිදු වන විට දැණුන හැඟීම කොහොම එකක්ද?
මෙච්චර රස්සාවල් තියෙන රටේ, ඇයි මේ වගේ රස්සාවක් කරන්නෙ?
ඉස්සර සත දහයේ විශ්ව විද්‍යාලයෙන් පටන් ගෙන සුන්දර ලීඩ් කලාවකින් පුවත් පත් කලා වේදය පෝෂණය කළ වැව ළඟ විරාජමාන ලේක් හවුස් ආයතනය අද මිනිස් හදවතේ තියෙන්නෙ කොතනද?
ලිවීම කියන දේ පැවතෙන්නෙ අනාදිමත් කාලෙක ඉඳන්, ගල් යුගයෙත් පුවත් මැවුණා. අද විසි එක් වන සියවසෙත් පුවත් මැවෙනවා. නමුත් අද ඒ හැම පුවතටම විශාල වගකීමක් තිබෙනවා.. ඒ වගකීම දරන්නෙ අපේ මාධ්‍ය කරුවො... පුවත් කොතරම් තිබුණත්.. ඒවා එදාට වඩා බොහෝ විධිමත්ව අද සංරචනය වෙනවා...එයට හේතුව දේශපාලනය සංස්කෘතිය වගේ බෙදුම් කේන්ද්‍ර.
ශ්‍රාවක ඔබ, කවදා හරි මාධ්‍ය වේදියෙක් එක්ක කතා කරලා තියෙනවාද?
එහෙම කතා කරනවා නම් ඔහුගෙන් හෝ ඇයගෙන් අහන්න ඔබට මෙහෙම ප්‍රශ්න ගොන්නක් ඇති.
අපි සූදානම් අවස්ථාවක් දෙන්න..
මේ ඉරිදා රෑ 8.30 ට බස් රේඩියෝවේ මා ආ මග තුළින් දිනමිණ පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘ නලීන් දිල්රුක්ෂ මහතා හෙවත් සමකය වටේ ලියන නලින් අයියා සමඟ එක්වන්න. දැන්ම ඔබේ ප්‍රශ්නය සූදානම් කරගන්න..
0 comments