Sunday, October 20, 2013

The Best of නීලා වික්‍රමසිංහ



බස් රේඩියෝ කණ්ඩායම අළුතින්ම ඇරඹු වැඩසටහන තමයි THE BEST OF වැඩසහටහන. මේ තුලින් සෑම සතියකම එක් සංගීතවේදියෙකුගේ හොඳම ගීත එකපෙලට අහන්න ශ්‍රාවක ඔබට අවස්ථාව සැලසෙනවා. ඒ අතරින් පලමු වැඩසටහන නීලා වික්‍රමසිංහයන් ගැනයි . එම වැඩසටහන පසුගිය සෙනසුරාදා  (18/10/2013) සාර්ථක ලෙස විකාශය වුනා.

ගීතයක සම්භාවනීයත්වය සංගීතයෙන් ම පමණක් නොව මිහිරි කටහඬක ඇති ගාම්භීරත්වයෙන් පූරණය වන්නක්. එසේවූ ගීතයක සංගීතය භාව්‍ය අවකරමින් කෙරෙන ගැයුමකට වඩා සමාන්තර හඬ මුසුවකින් ශ්‍රාවක මන රසාලිප්ත කරන්නට හැකියාව පවතියි. 

ජීවිතයේ අපමණක් වූ බාධක අතරින් වේදිකාවට ගොඩවන ඇය,ප්‍රතිභාපූර්ණ ගායනකින් ශ්‍රාවක මනදොල රසාලිප්ත කරයි. වරෙක ගුවන් විදුලියෙන්ද තවත් වරෙක රූපවාහිනියෙන් ද එපමණක් නොව සිනමාව තුලින් ද ඇයගේ ගායනයන් අප සවන් දී තිබේ.  යෞවනය හා පේ‍්‍රමය කෙතරම් එකෙකින් එකක් වෙන් කල නොහැකි අසිරිමත් අත්දැකීම් වූවඇගේ හඬින් ගැයෙන එහෙව් සංවේදනා මුසු වූ විරහ ගීතයක් ඇසෙන විට සිතෙන්නේ වඩා ආස්වාදජනක පේ‍්‍රම විප්‍රයෝගයන් බවය.

සිංහල ගීත සාහිත්‍යයේ ආරම්භයේ සිට ගායක ගායිකාවන් රැසක් විරහ ගීත ගායනා කර තිබේ. ඔවුන් බොහෝ දෙනෙක් විරහව සීමා ඇත්තේ ශෝකීලාපයකට පමණය. එයින් සමහර දෙනෙක් ඉන් ඉදිරියට ගොස් පෙම්වතුන්ගේ වියෝව භාව පූර්ණ අත්දැකීමක් බවට පත්කොට ඇත. විරහ ගීතයට සුපුරුදු ශෝකී රසයට අමතරව මධුර මනෝහර බව හා ලාලිත්‍යය කැඳවාගෙන ආ ගායිකාවකට උදාහරණයක් ලෙස නීලා තරම් උපහැරණයක් අප සතුව පවතීදැයි මා තුල ඇත්තේ සැකයකි.

1950
 වසරේ මැදින් මස 30 වන දින දොන් ෆැන්සින් වික්‍රමසිංහ හා දෝන යසවතී වික්‍රමසිංහ දම්පතීන්ට දාව මෙලොව එලිය දකින ඇය නමින් ඩෙලිකා නීලා වික්‍රමසිංහ ය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආධුනික සරල ගී ගායිකාවක් ලෙස1959 වසරේදී  9 හැවිරිදි ළමාගායිකාවක ලෙස ගායන දිවියට පිවිසෙන ඇය ටඩෝල්ටන් අල්විස් සංගීතඥයන්ගේ අධ්‍යක්ෂණයෙන් "සැඳැ අඹරේ නිශා මල් යට" ගීතයට සිය මියුරු හඬ මුසුකරන්නීය.  වෘත්තීමය ලෙසින්  1976 වර්ශයේ දී ක්ෂීතිජය චිත්‍රපටයෙන් සිය ගායන දිවිය අරඹන ඈ සිය වෘත්තියේ අත් පොත තැබුවේ ගැහැණු ලමයි චිත්‍රපටයට ඇය ගයන බෝධීයේ විහාරයේ ගීතයෙනි.

1974
 දී ඉන්දියාවේ දී සංගීත විශාරද පරීක්ෂණය සමත්ව කොළඹ විසාකා විද්‍යාලයේ සංගීතය ගුරුවරිය ලෙස සහසක් ශිෂ්‍යාවන්ගේ ගායන දිවිය ඔප් නංවන ඈ කාලාන්තරයක නිහැඬියාවකට පසු මාස්ටර් සර් ප්‍රසංගයත් සමඟින් පසු කරන්නේ සිය ගායන දිවියේ 45වන කඩඉම ය.

ඇය 1984දී ඈතින් ඇතට  1986 දී දුර්ගා 1992 දී දොලොස් මහේ පහන චිත්‍රපට වෙනුවෙන් හොඳම පසුබිම් ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලබන්නේ ඇගේ කුසලතාවයන් මොනවට පැහැදිලි කරමිනි. 1996 වසරේ දී සුමති ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ සංක්‍රාන්ති සමය ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම තේමා ගී ගායනයටය. මෙයට අමතරව බොහෝ අවස්ථාවල දී ඇයගේ සංගීත කුසලතාවන් ලෝකය ඉදිරියේ ප්‍රසංසාවට ලක් වූ අවස්ථා අපමණය.

නීලා වික්‍රමසිංහ ගායනා කළ ගීත අතරින් බටහිර සංගීතයේ එන නාද රටා ආශ්‍රය කරගෙන නිර්මාණය වූ ගී රැසක් ජනප්‍රියව ඇතත් ඇය එක් සම්ප්‍රදායකට අයත් ගායිකාවක ලෙස හෝ විරහව හෝ පේ‍්‍රමය ගැන පමණක් වු ගීත ගායනා කළ ගායිකාවක ලෙස රාමු ගත කළ නොහැක.

නීලා සංගීත අධ්‍යක්ෂණය කළ ගීත සංඛ්‍යාව දෙසිය වඩා වැඩිය. එදා මෙන්ම අද ද සංගීත අධ්‍යක්ෂණ ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ දායකත්වය නියෝජනය කරමින් නීලා ඒ අතර දිදුලන්නේ ඈ තුල ඇති සහජ දස්කම තුලින් ඈ ලැබූ පන්නරයේ වටිනාකම මොනවට ප්‍රදර්ශනය කරමිනි. 
ශ්‍රි ලාංකේය සංගීත කලාවේ ප්‍රම්‍රඛ තනු නිර්මාපකයන් වූ සරත් දසනායකවික්ටර් රත්නායක ආදීන් සමඟ ගීත ගායනාවෙන් එක් වුවා සේම  සිය නිර්මාණන හැකියාවෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් ගීතලොවට එක් කල ගී බොහෝය. ඈ “ද මදර්  සංවිධානය පිහිටුවමින් දැයේ සරණක් අවැසි ජනතාවට දූ දරුවන්ට මෙන්ම කලාකරුවන්ට ද පිහිට වන්නීය.
අද BuzzRadio the best of වැඩසටහනේ පළමු රාත්‍රිය සිය හැකියාලෝකයෙන් ශෝභමාන කරනා ඇය නමින් විශාරද නීලා වික්‍රමසිංහය
තොරතුරු මුසුව


නීලාවික්‍රමසිංහ  නිල වෙබ් අඩවිය (www.neelawickramasinghe.com)
විකිපීඩියා
(
http://en.wikipedia.org/wiki/Neela_Wickramasinghe)

මේ එම වැඩසටහනේ පූර්විකාවයි

Free Music - Download Audio - The_Best_of_Neela_Wickremasi...


 එළඹෙන සතියේ අපි ඔබව හමුවෙනවා කසුන් කල්හාර සමඟින්.. ඔබේ කැමැති ගී අපට යොමු කරන්න.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top