ඕඩියෝ පොත කණ්ඩායම දැං හදන්නෙ පහු ගිය දවස් වල කට්ටිය එක්කහු වෙලා කරපු වැඩක් ගැන පොඩි Flash Back එකක් කරන්න.
මේ වැඩේ පටන් ගත්තේ පහු ගිය සෙනසුරාදා (සැප් 10) හරියටම කියනවනං දවල් 1.30ට 2.00ට වගේ තමයි. අපි එදා උදේ කතා කරන ගමන් කිව්වා බස් රේඩියෝවෙ ඕඩියෝ පොතට අපි මොකක් හරි අමුතු දෙයක් කරමු කියලා.ඉන් පස්සෙ කට්ටිය එකතු වෙලා මොන වගේ නාට්‍යයක්ද කරන්න ඕනෙ කියන එක ගැන කතා කළා.මුලින්ම වැඩේට එක්කහු උනේ සිහින, අපි කවුරුත් දන්න මඩසාං සහ අලුත් කොල්ලා. අපි ඉතිං ඔහෙ කතා කරලා ලිව්වා ගමක් ගැන නාට්‍යයක්. ලිව්ව කියන්නෙ ලිව්ව ලිව්වා අත් කැඩෙනකම්ම ෂෙයා කරපු ගූගල් දෙයියගෙ අකුරු ලියන කොලේක කට්ටිය හරි හරියට හතර වටෙන්ම ලියාගෙන ලියාගෙන ගියා.ඒ වෙලාවෙ වැඩ තියාගෙන එතනට ඇවිත් වචන හැඩ වැඩ කරන්න උදව් කරපු පසන් කොලුවත් අමතක කරන්න බෑ නොවැ.අන්තිම ටිකේ ලියල ලියල අත කැඩෙන්න තරම් රිදෙද්දි කෝල් එකකින් සම්බන්ධ වෙලා කියන ඔක්කොම ලස්සනට ටයිප් කරපු කිඩෝට විශේෂ ස්තූතිය හිමි වෙනවා. අනිත් කෙනා අපේ රුචක (පච්ච මාමා) කතා කරපු සැනින් ඇවිත් “එළ මචං ඕනෙ එකක් මම එකෙන්ම” කියල තමයි කිව්වෙ.
කොහොම හරි ලියාගත්ත කියමුකො.ලිව්ව ඈත ගමක කතාවක් මුලින් එක්කෙනෙක් මරමු කියල කතා උනත්අර අලුත් කොල්ලගෙ හිතේ තියෙන දුෂ්ට කම වැඩි හින්දද මන්දා තුන් දෙනාම මරල දැම්මා (හික් හික්).ලියල ඉවර වෙනකොට සෙනසුරාද රෑ වෙලා.සඳුදා රෑ වෙනකොට මේක විකාශය කරන්ඩත් ඕනෙ නිසා තමුන්ට අදාල කොටස් ටික සෙනසුරාදම රෑ රෙකෝඩ් කරල ෆයිනල් එඩිට් එක සඳහා ඊ මේල් කරමු කියන තැන ඉඳන් වැඩේ පටන් ගත්තා.දුෂ්ටයගෙ කොටස් ටිකනම් පොඩි වෙලාවකින් ඉවර වුණා. කිඩෝත් පැණි බේරමින් ආදරේ කරල ඒ ටිකත් ඉවර වුණා කියමුකො.කියන්නම ඕනෙ රුචක.එද රෑ පච්චයකුත් ගහපු ගමන් අතේ වේදනාව පිටින් පාන්දර 3.30 වෙනකම් “සියාතු” ගෙ කොටස් ටික රෙකෝඩ් කරපු එකනම් ඇත්තටම අගය කරන්නම ඕනෙ.ඔය ඔක්කොම ඉවර වෙලා අම්මගෙයි නිළියගෙයි කොටස් ටික අපිට පටිගත කරන්න හම්බු උණේ ඉරිදා.තමුන්ගෙ දහසකුත් පුද්ගලික වැඩ තියාගෙන උනත් දිල්ශරා අම්මට අදාල හඩ කොටස් ටික පටිගත කරල එව්වා ඉරිද හවසම. අපේ ප්‍රධාන නිළිය පවුලෙ කට්ටිය එක්ක පන්සල් ගිහින් තිබුනා කලින්ම ඔය නිසා.විගහට එනව කිව්වත් පවුලෙ කට්ටිය එක්ක ගියාම හැමෝටම වෙනව වගේ එනකොට ටිකක් පරක්කු වුණා.ඉතිං කොහොමින් කොහොමින් හරි රශ්මිගෙ කොටස් ටික ඉවර වෙනකොටඉරිද රෑ වුණා කියමුකො.සිහිනගෙ යහලුවෙක් වෙච්ච ජීවන්තිවත් මතක් කරන්න ඕනෙ ඉදිරිපත් කරන්නියගෙ කොටස් ටිකට මේ වැඩේට දායක වුණු එකට.
ඊ ලඟට තමා මේකෙ ඇඩෙන වැඩ කොටස, ඒ කිව්වෙ ෆයිනල් එඩිටිං.මහ රැයක් වෙනකම් ඕක කරත් අපිට ඉවර කරගන්න බැරි වුණු ඒක සඳුදා හවස් වරුවෙ තමයි ඉවර කරගන්න පුලුවන් උනේ..
කොහොමින් කොහොමින් හරි ඇහුවා ඊයෙ රෑ...ඒක ඇහෙනකොට වෙච්ච මහන්සිය අපතේ ගියෙ නෑ කියන එක ගැන ලොකු සතුටක් දැනුනා. දුකට කාරණේ තමයි සමහරුන්ට අන්තිම ටික ඉන්ටනෙට් ප්‍රශ්ණ නිසා අහගන්න බැරි වෙච්ච එක ගැන.
එහෙනම් කතාව අහලම ඉම්මු....මේ රේඩියෝවෙන් කතාව අහන්න බැරි උන ඔයාලට.
එහෙනම් කතාව අහලම ඉම්මු....මේ රේඩියෝවෙන් කතාව අහන්න බැරි උන ඔයාලට.
මෙන්න වැඩේට දායක වෙච්ච කට්ටිය
පිටපත - මදුශාන්, පසන්, සිහින, කිඩෝ සහ කොල්ලා
සමන්මලී - රශ්මි රවීනා
ජයන්ත - කිඩෝ
සියාතු (තාත්තා) - රුචක
සිරියාවතී (අම්මා) - දිල්ශරා
නිමල් (මැරයා) / දොස්තර /ගැමියෙක් - කොල්ලා
ඉදිරිපත් කරන්නිය - ඉරේෂා ජීවන්තිසම්බන්ධීකරණය - සිහින
කට්ටියම එකතු වෙලා කරපු මේ සාමූහික ප්‍රයත්නෙට තව අයට දායක වෙන්න පුලුවන් ඉදිරි සති වලදි. කැමති අය ඉන්නවනම් සිහින/කිඩෝ/අලුත් කොල්ලට කතා කරන එකයි තියෙන්නෙ.
අහපු කට්ටියගෙන් බලාපොරොත්තු වෙනවා ගුණ දොස්.දොස් ගොඩක් තියෙන්න පුලුවන් මොකද දවස් දෙකක් ඇතුලෙ මේක කරපු නිසාත් පළවෙනිම වැඩසටහන නිසාත්.ඕනෙම විවේචනයක් බාරගන්න ලෑස්තියි.
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪
2011-09-13
පුංචි ඉල්ලීමක්....
ReplyDeleteනිර්මානාත්මක අදහස් තියන බස් පදින බ්ලොග් ලියන හැමෝගෙන්ම කරන්න ඉල්ලීමක් තියනවා.කිව්වත් වගෙ මේක අපි හැමෝගෙම වැඩක්. බස් රේඩියෝ ඕඩියෝ පොත කියන නම මෙතනින් එහාට මේ නාට්‍ය හෝරාවට ගැලපෙන්නේ නෑ.ඒ හින්ද හැමෝගෙන්ම ඉල්ලනවා අපිට ලස්සන නමක් යෝජනා කරන්න කියල.සඳුදා රෑ 8.30 සිට 10.00 දක්වා දිවෙන නාට්‍යමය හොරා එක හමාරට ගැලපෙන බස් කියන නමත් සම්භන්ධ ලස්සන නමක් හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි
බස් රේඩියෝ රංග සභාව කියන නම කොහොමද?
ReplyDeleteමේ නම් හොඳද බලන්න.
ReplyDeleteඅපේ නාට්‍ය
සඳුදා නාට්‍ය
BUZZ නාට්‍ය
BUZZ Drama
නාට්‍ය පොත
රසපිරි නාට්‍ය
එයිට් තර්ටි Drama
සඳු දින නාට්‍ය
බ්ලොග් / බස් කමෙන් වලින්, චැට් වලින් සහ මේල් වලින් අදහස්, නම් ගලා එමින් තියන්නේ. හැමෝටම බොහොමත් ස්තූතියි.ඔයාලගේ සහයෝගය අපිට ගොඩක් වටිනවා..
ReplyDeleteඉන්ද්‍රනාථ සර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක යූ ටියුබ් දැම්මේ නැද්දෝ... මට ඒක අහන්න බැරි උනා නේ..
.. බස් එක නැගලම යනවා.. මාත් බෝඩ් කෑල්ලක් දා ගත්තා "අපි නං අහන්නෙ බස්: කියල..
චියර්ස්..!
ReplyDeleteපලමු උත්සාහය ට ජය පතනවා . . .
ReplyDeleteඅඩු පාඩු කීපයක් තියෙනවා . .
ඒත් පලමු උත්සාහය නිසා ව ගැන කතා නොකර ඊලඟ එකකදී මීට වඩා සැලකිල්ලෙන් කරන්න කියලා ඉල්ලීමක් විතරක් කරන්නම්. .
බස් රේඩියෝවට ජය වේවා
goodluck
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete