මගේ ලෝකය ලියන රංග, කතන්දර ලියන කතන්දරකාරයා, සයිබර් යාය ලියන බුද්ධි, මේ මෙතෙක් කතාබස් තුළින් ඔබ හමුවූ ඔබේ ප්‍රියතම බ්ලොග් සහෘදයින්… මේ තරු පොකුරේම දිලෙමින් සිංහල බ්ලොග් අවකාශය ආලෝකමත් කරන තවත් ජනප්‍රියතම බ්ලොග් තරුවක් මේ බ්‍රහස්පතින්දා ඔබ වෙනුවෙන් අපිත් එක්ක කතා කරාවි…
හඬපටයකින් සගවන්නට අපහසු තරම්ම විහිදුනු ඔහුගේ දීප්තිය නිසාම, ඔහු කවුදැයි ඔබෙන් සැගවීමට තැත් කිරීම අනුවණකමක් බව අපිට පසක් කලා…
අටුවා ටීකා අවශ්‍ය නැහැ, ඔබ හිතුවා හරි… මෙවර එන්නේ ඔහු තමයි… ඉතින් එළඹෙන බ්‍රහස්පතිදා රාත්‍රී අටයි තිහේ සිට පුරා පැයක් තිස්සේ, හිරු බැසගිය හිස් අහසේ හැඩ බලන්න සැරිසරන්න, අපිත් එක්ක එකතු වෙන්න කතාBuzz සමගින්…
ප/ලි : කතාBuzz වැඩසටහන තුළින් මෙතෙක් ගලා ආපු පිරිමි කටහඬට අතරට, ගැහැණු කටහඬකුත් මුසු කරන්න දිගින් දිගටම ලැබෙන ඉල්ලීම් නොසළකා හරින්නට බැරි තත්වෙට ඇවිත්… අවාසනාවකට සතියකට වරක් විතරක් ප්‍රචාරය වෙන වැඩසටහනක ලැබෙන අවස්ථා ගනන සීමිත නිසාම, සිංහල බ්ලොග් අවකාශය පුරා විහිදී සිටින සිය ගනනක් දක්ෂ ජනප්‍රිය බ්ලොග් කරුවන් / කාරියන් පෙළගස්සවා ගැනීමේ අපහසුවකටත් අපි මූණ දී සිටිනවා… කතාබස් සමග එකතු වෙන්නට අප කළ ආරාධනාව පිළිගෙන ඇති බ්ලොග් කරුවන් කිහිපදෙනෙක්ම මේ වනවිටත් සිටින බැවින්, ඔවුන්ටත් අසාධාරණයක් නොවෙන ලෙස කාන්තා බ්ලොග්කාරිණියන් එකතු කරගැනීමට අපි හැකි සෑම උත්සාහයක්ම දරන්නම්…
Tuesday, September 13, 2011
කතාBuzz හතර වෙනි පියවර - සඳරු 2011 09 15
Related Posts
කතාBuZZ හත්වන පියවර
10/10/2011 - 11 Comments
මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර - 2011 09 29
30/09/2011 - 4 Comments
කතාBuZZ හයවන පියවර - 2011 09 29 මාරයාගේ හෝරාව
28/09/2011 - 8 Comments
අහල බලමු සඳරු ගේ කතා!
ReplyDeleteමෙන්න බොලේ මේකා කියනවා ජනප්‍රියද කියලා දන්නේ නැලු, යකෝ අපේ ගමෙන් ගිය මන්ද බුද්දික උශාන් වත් උඹ තරම් ජනප්‍රිය නෑ.දන්නේ නැත්නම් මගෙ අහගං. තෝ තමයි දැන් බ්ලොග් අවකාසේ මාතෘකාව බොල.
ReplyDeleteඔය පිරිමි බ්ලොග් කාරයෝ ටික ටිකක් පස්සට දාලා කාන්තා බ්ලොග් කාරියක් පොලිමෙන් පන්නලා හරි ඉස්සරහට ගනිල්ලා
ReplyDeleteළඟඳී සාරි පොඩිත්තක් පස්සේ බස්රේඩියෝ කථා බස් ටීම් එක ගියා කියලා ගොසිප් එකක් තිබ්බලු ඕං
ReplyDeleteඅය්යෝ මට බාගයයි අහන්න හම්බුනේ... මේකේ recording එකක් නැද්ද පස්සේ අහන්න?
ReplyDelete@දුශ්
ReplyDeleteමේ තියෙන්නේ
http://blog.buzzradio.lk/2011/09/buzz-2011-09-15_15.html