Friday, October 25, 2013

සියලු සත්වයෝ උන්මන්තකයෝ නොවනු පිණිස

“මගේ මූලික රාජකාරිය තමයි අධිකරණ මනෝවෛද්‍ය ඒකකයට එන 
රිමාන්ඩ් සිරකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තාවට අවශ්‍ය 
Functional Assessment එහෙමත් නැත්නම් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරීත්වය පිළිබ 
පරික්ෂා කරලා වාර්තා කිරීම."

ඔහු මුලින්ම අපට ඔහුව වෘත්තියෙන් හඳුන්වා දුන්නෙ අන්න ඒ විදිහට. 
ඔහු වෘත්තිය චිකිත්සකවරයෙක්. සමාන්‍ය ව්‍යවහරයෙන් අපි කියන විදිහට කිව්වොත් මානසික රෝගීන් ගැන පරීක්ෂා කරන්නෙක්.

ඇත්තටම වෘත්තීය විකිත්සක වරයෙක් කියන්නෙ මොකක්ද? 
ඒ රැකියාවෙ ස්වභාවය, ඔබට තේරුම් ගන්න පුළුවන්ද?
ජීවිතේ එක පාරක් හරි මානසික ප්‍රශ්නයකට ඔබ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන තියනවාද?
ජීවිතේ ඔබට පිස්සු කියලා හිතුණ අවස්ථා වලදි ඔබ මොකද කළේ? කළ යුතු දේ හිතා ගන්න බැරි වුණාද?
ඒ වෙලාවට දරා ගන්න බැරි හිස් බව එක්ක අතරමං වුණා නේද? 

අන්න ඒ නිසයි ඔබ එදිනෙදා ජීවිතයේදි යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගත යුත්තේ. 
ඒ නිසාම ඔබ ට ඔබේ මනස පිළිබඳව කියා දෙන්න.. අප ඉහත කී ඔහුව ඔබට මුණ ගස්වන්නයි සූදානම. 
ඔහු නමින් වෘත්තීය චිකිත්සක ප්‍රදීප් චන්දන ගුණරත්න මහතා. 
හිතවතුන් අතර ප්‍රදීප් ගේ පිටුව ලියන ප්‍රදීප් .. 
ඉතින් සංවත්සරයට පසු එළඹෙන, අලුත්ම ඉරිදා සඳ එළියේ ( 27 වන ඉරිදා) 
හරියටම රෑ 8 ට බස් රේඩියෝ ව ළඟ ට එක්වන්න. 

වැඩියෙන්ම පිස්සු ගෑණු අයට නම් ඒ ඇයි කියලාත් එදාට දැන ගන්න පුළුවන්..

ඒ වගේම අපි දැන ඉගෙන ගනිමු එදිනෙදා ජීවිතය යහපත් කරන යහ මානසික පුරුදු ගැන.





Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. සැබවින්ම වටිනා සාකච්ජාවක් ..

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top