මෙතෙක් කල් බ්ලොග් පිටු පුරා පේලියට ඇඳුනු අකුරු වලින් සමීපව උන්නු අපේ ප්‍රියතම බ්ලොග් මිතුරු මිතුරියන්, ස්පීකර් දිගේ ගලා එන ලෙන්ගතු වචන වලිනුත් අපිට සමීප කරවන අපූරු වැඩසටන, කතාBuZZ සඳහා අදහස්, යෝජනා සහ චෝදනා එවීමට කාලය කැප කල හැම දෙනාටම ස්තූතියි… ඒ හැම කරුණක්ම වැඩසටහනේ තත්වය වැඩිදියුණු කර ගැනීමට යොදාගැනීම සඳහා කතාBuZZ ටීම් එකේ අපි උනන්දු වෙන්නම්…
ඉතින් මේ තවත් එවැනි ඉල්ලීමක් ඉටුකරන්න ගන්නා උත්සාහයක්… මෙතෙක් විකාශය වූ කතාBuZZ වැඩසටහන් සියල්ලේම අරාධිතයාගෙන් ඇසූ ප්‍රශ්න අප විසින්ම සකස් කරගත් එවායි… නමුත් වැඩසටහනේ ජනප්‍රියතාවයත් එක්කම, ප්‍රේක්ෂක මිතුරු මිතුරියන්ටත් ප්‍රශ්න අසන්නට අවස්ථාවක් ලබා දෙන්නැයි නැගුණු ඉල්ලීම් කිහිපයකට ඉඩ දෙන්නට ඔන්න අපි තීරණය කලා…
පහලින් දැක්වෙන්නේ නුදුරු අනාගතයේම කතාBuZZ සමග එකතු වෙන බ්ලොග් තරු අතරින් කිහිපදෙනෙක්… [අනුපිලිවෙලට නෙවෙයි…]
- සයිබර් යාය ලියන චූටි මහත්තයා…
- මාරයාගේ හෝරාව ලියන මාරයා…
- දුකා ගේ බ්ලොග් අඩවියෙන් ඔබට කතා කරන දුකා…
- හිස් අහස ලියන සඳරු…
- ටිකක් හිනාවෙන්න ලියන අභීත…
- ශාකුන්තලගේ සටහන් ලියන ශාකුන්තල...
ඉතින් ඔවුන්ගෙන් ඇසීමට සුදුසු යැයි ඔබට හැඟෙන ගැටලු තිබේනම් අදාල රචකයාගේ නම සමඟින් පහත කමෙන්ට් තීරුවේ සදහන් කරන්න… වඩා රසවත් ගැටලු සැමදෙනාගේම රස වින්දනය උදෙසා නියමිත වැඩ සටහනේදී යොමු කරන්නට අපි සූදානම්...
ප/ලි : දේවාගේ අදහසට ක්‍රියාත්මක කිරීමට වඩා සුදුසු ක්‍රමයක් සූදානම් කරගන්නා තෙක් ප්‍රශ්ණ සඳහන් වෙන කමෙන්ට්ස් පමණක් ෆිල්ටර් කෙරෙනු ඇති...
ප/ලි : දේවාගේ අදහසට ක්‍රියාත්මක කිරීමට වඩා සුදුසු ක්‍රමයක් සූදානම් කරගන්නා තෙක් ප්‍රශ්ණ සඳහන් වෙන කමෙන්ට්ස් පමණක් ෆිල්ටර් කෙරෙනු ඇති...
ප්‍රශ්නේ දැන ගෙන උත්තරයක් හිතාගෙන අවිත් දෙනවට වඩා එකපාරම ප්‍රශ්නේ අහනකොට දෙන උත්තර තාත්විකයි නේද?? කමෙන්ට් එකක් විදිහට ප්‍රශ්නේ අහනවට වඩා ආරාධිතයට ඒ වෙලාවේම ප්‍රශ්නේ දැන ගන්න විතරක් පූලුවන් වෙන්න ෆෝම් එකකින් වගේ ප්‍රශ්න අහන්න ඉඩක් ලබලා දෙනවා නම් හොදයි කියලා මට හිතෙනවා
ReplyDeleteඅදහසක් පමනයි
කාරයන්ට විතරක් නෙවෙයි කාරියන්ටත් අවස්ථාවක් දියවු!
ReplyDelete@දේවා
ReplyDeleteසාකච්චාවට එන බ්ලොග් කරුට මේ ප්‍රශ්න පේන්නේ නැහැ ..ඒවා මොඩරේට් කරනවා. කොහොමත් ප්‍රශ්න අහලා තියන කමෙන්ට් ඩිස්පේලේ කරන්නේ නැහැ
@චානක
ඔව් අනිවාර්යයෙන්ම ඊලඟ ලිපිය ඔවුන් වෙනුවෙන් වෙයි. ඔබ කැමති කාරියන් සිටිනම් සඳහන් කරන්න
බ්ලොග්කාරියෝ ආවොත් නං මකරාටත් ප්‍රශ්ණ තියෙනවා වගේ අහන්න ගමකට!
ReplyDeleteදේවාගෙ අදහසට එකඟයි. බාල්දිය උනත් පෙරලන්ට ඔනි සජීවීව. හැබෑ අපිනොදන්න ලවිවු ටයිප් බෑ හොදේ...
ReplyDeleteඑළ එළ!! මේක නම් නැගලා යන වැඩක් වේවි !!
ReplyDelete