Monday, October 28, 2013

මා ආ මග ඉතිහාසයේ වැඩිම ප්‍රශ්න සංඛ්‍යාව වාර්තා කෙරේ..

ඔබ එදිනෙදා ජීවිතයේදි යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගත යුතුයි. ඒ බව දන්න නිසාම
ඒ නිසාම ඔබ ට ඔබේ මනස පිළිබඳව කියා දෙන්න.. අප  වෘත්තීය චිකිත්සක ප්‍රදීප් චන්දන ගුණරත්න මහතා හෙවත් හිතවතුන් අතරේ ප්‍රදීප් ගේ පිටුව ලියන ප්‍රදීප්  නමින් ප්‍රසිද්ධ ඔහුව 27 වන ඉරිදා මා ආ මග කරළියට රැගෙන ආවා.

බොහෝ රසිකයන්ගෙ අසීමිත ප්‍රතිචාර වගේම නොනවතින ගැටලු නිසා, එක වැඩසටහනකින් මේ
කර්තව්‍ය නිමා කරන්න බස් රේඩියෝ අපිට බැහැ. ඒ නිසාමයි අපි තීරණය කළේ ලබන සතියේත්
වෘත්තීය චිකිත්සක ප්‍රදීප් චන්දන ගුණරත්න මහතා ඔබ හමුවට මා ආ මග කරළියෙන්ම ගෙන එන්න.

ඔබට මඟ හැරුණ ප්‍රශ්න, අහන්නට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රශ්න මෙතනට කමෙන්ට් කරන්න.

වැඩසටහන ඇහුවෙම නැති නම් මෙන්න අහලා අදහසක් ගන්න.

මේ අපි ඔහුගෙන් අහපු ප්‍රශ්න වලින් අතළොස්සක්... 

  • යහපත් මානසික සෞඛ්‍යය/ මානසික යහපැවැත්ම කියන්නෙ මොකක්ද?
  • මානසික යහපැවැත්ම නැති වෙන්න පුළුවන් කොහොමද?
  • මානසික යහපැවැත්ම බිඳ වැටීම සහ මානසික රෝග අතර සම්බන්ධයක් තිබෙනවාද?
  • මානසික රෝග කියන්නේ මොනවද?
  • මානසික රෝග හැදෙන්නේ කොහොමද? කාටදමානසික රෝග හඳුනාගන්නේ කොහොමද? මානසික රෝගීන් තමන්ට රෝගයක් තිබෙන බව පිලිගන්නෙ නෑ නේද?
  • සුලබ මානසික රෝග මොනවද?
  • මානසික රෝග නිසා සමාජයට වෙන හානිය කුමක්ද?
  • මානසික රෝග සුව කරන්න පුළුවන්ද? කරන ප්‍රතිකාර මොනවද?
  • මානසික රෝගීන් භයානකද?

තව ප්‍රශ්න තියෙනවා නම්, ඒ ප්‍රශ්න වලට පිළිතුරු මේ හඬපටයේ  නැති නම් ... ඒ ප්‍රශ්නය නොවැම්බර් 03 වනදා නැවත අසනු පිණිස වහාම කමෙන්ට් කරන්න..



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. වැඩේ නැගලම ගියා එදා නම්

    ReplyDelete
  2. ඔන්න වැඩසටහන්. . .

    ReplyDelete
  3. මට එදා බාගයයි අහන්න හම්බුනේ අපරාදේ (h)

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top